Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලක්නව්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව්වෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෙස්රික් විලියම්ස් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර නායක කිරන් පොලාඞ් සහ හේඞ්න් වෝල්ෂ් කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා විලියම්ස්ට අනගි සහායක් දුන්හ.
ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නජිබුල්ලා සද්රාන් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර අස්ගර් ඇෆ්ගන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, ෆරීද් මලික් පන්දු 15 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 24 ක්ද රැස්කිරීමට සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ එවින් ලුවිස් පන්දු 41 කදී ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කළ කිරන් පොලාඞ්ද කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා ලුවිස්ට සහාය දැක්වීය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කඩුලු 5 ක් දැවී 164
(එවින් ලුවිස් 68, ශිම්රන් හැට්මෙයර් 21, ඩිනේෂ් රැම්ඩින් 20, කිරන් පොලාඞ් නොදැවී 32, ගුලාබ්දීන් නයිබ් 24/2)
ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 20 කඩුලු 9 ක් දැවී 134
(හස්රතුල්ලා සසායි 23, අස්ගර් ඇෆ්ගන් 25, නජිබුල්ලා සද්රාන් 27, ෆරීද් මලික් නොදැවී 24, කෙස්රික් විලියම්ස් 17/3, කිරන් පොලාඞ් 17/2, හේඞ්න් වෝල්ෂ් 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.