දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පෝත් එළිබත්හිදී අද (25) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කොදෙව් පිල කඩුල්ලක තියුණු ජයක් ලැබීය.
දකුණු අප‍්‍රිකාව 3-1 ක් ලෙස මේ වන විටත් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සමත්ව සිටියි.
කොදෙව් පිල ලකුණු 263 ක ඉලක්කය ඕවර 48.3 කදී කඩුලූ 9 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ඇන්ද්‍රි රසල් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 40 කදී හතරේ සහ හයේ පහර 5 බැගින් වාර්තා කරමින් නොදැවී ලකුණු 64 ක් රැස්කිරීමට සමත් විය.
කොදෙව් පිල ලකුණු 73 කට කඩුලූ 5 ක් බිද වැටී සිටියදී මාලන් සැමුවෙල්ස් සහ ඩැරන් සැමී හයවැනි කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
මාලන් සැමුවෙල්ස් පන්දු 93 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 68 ක් රැස් කළේය.
ඩැරන් සැමී පන්දු 52 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 51 ක් ලකුණු පුවරුවට එකතු කළේය.
දකුණු අප‍්‍රිකානු ප‍්‍රවේගකාරී පිතකිරු ඬේවිඞ් මිලර් කළකට පසුව අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 133 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී
ලකුණු 130 ක් රැස් කළේය.
දකුණු අප‍්‍රිකානු පළමු කඩුලූ හතර ලකුණු 76 කට බිද වැටීමෙන් පසුව ඬේවිඞ් මිලර් සහ ජේ. පී. ඩුමිනි (43) පස්වැනි කඩුල්ලට ලකුණු 90 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ස්ථාවර තත්ත්වයකට රැගෙන ආහ.
කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 53 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 262
(ඒ. බී. ඩිවිලියස් 19, ඬේවිඞ් මිලර් නොදැවී 130, ජේ. පී. ඩුමිනි 43, ජේසන් හෝල්ඩර් 53/4)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48.3 කදී කඩුලූ 9 ට 266
(ලියොන් ජොන්සන් 18, මාලන් සැමුවෙල්ස් 68, ඩැරන් සැමී 51, ඇන්ද්‍රි රසල් නොදැවී 64, ජේසන් හෝල්ඩර් 13, කාලෝස් බ‍්‍රැත්වයිට් 11, ෆර්හාන් බිහර්ඞීන් 21/2, ජේ. පී. ඩුමිනි 29/2)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.