(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තම සිව්වැනි ජය වාර්තා කිරීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත්විය.
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 8ක ජයක් ලැබීය. කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් විහඟ රත්නායක තුන් ඉරියව් දස්කම් දැක්වීය.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - 181 යි
(සඳරු මල්ෂාන් 62, ගිම්හාන් රසාංජන 34, සුමේද සම්පත් 28, දියත් සංජිත 26, නදුන් ප්‍රනාන්දු 32/3, මාණික්‍ය දේශප්‍රිය 4/2, විහඟ රත්නායක 34/2)
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය - පළමු ඉනිම 299 යි
(විහඟ රත්නායක 93, ලිතික ජයසුන්දර 66, මිහිල ජයවීර 38, මෙවන් දිසානායක 38, ටෙහාන් බිටර් 20, පුල්ජිත් වත්සුක 65/3, අදීෂ ගෞතම් 35/2, සඳරු මල්ෂාන් 84/2)
රත්ගම දේවපතිරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - 149 යි
(ඔෂේන් කල්හාර 26, යසිරු ලක්ෂාන් 26, මාණික්‍ය දේශප්‍රිය 28/4, විහඟ රත්නායක 16/2)
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 34 යි
(මිහිල ජයවීර නොදැවී 21)

විහඟ රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.