Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරග ඉතිහාසයේ ඡන්ද 200,000 සීමාව පසුකර ගිය පළමු ක්‍රීඩකයා බවට පත්වීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි.
තරගයේ 23 වැනි සතිය නිමාවන විටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලසිත්, මේ වන විට ලබාගෙන ඇති මුලු ඡන්ද සංඛ්‍යාව 208,071 ක් වන අතර ඊට ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 11,042 ද ඇතුළත් වේ.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 140,418 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1964 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 58,575 සිට 67,653 ක් දක්වා වැඩි වී තිබේ.
මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 62,435 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගෙන ඇත්තේ ඡන්ද 228 ක් පමණි.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4926 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 3522 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් මේ වන විට ඡන්ද 522 ලබා සිටින අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 463 ක් ලබා සිටියි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාස 2 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
ලසිත් කෘස්පුල්ලේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 208,071 |
නවිඳු නිර්මාල් | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 140,418 |
මොහොමඞ් නජත් | මරදාන සහිරා විදුහල | 62,435 |
චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 10,501 |
සන්තුෂ් ගුණතිලක | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 9373 |
දිනිත බස්නායක | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 6925 |
රොමේෂ් නල්ලපෙරුම | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 6415 |
හේලිත විතානගේ | කොළඹ රාජකීය විදුහල | 1838 |
නිකේෂ් අංජන | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 1702 |
මොහොමඞ් රිෆාස් | ජනාධිපති විදුහල | 1412 |
නැගී එන පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
පුලිත යසස් | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 4926 |
ප්‍රභාෂ් මඳුරංග | පාදුක්ක සිරි පියරතන විදුහල | 3522 |
සහන් පෙරේරා | පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල | 720 |
ඉමේෂ් බස්නායක | ගම්පහ ශාන්ත පීතර විදුහල | 348 |
ගිම්හාන ධනුෂාන් | පිළියන්දල මැදි විදුහල | 130 |
නිපුන රංසික | පී. ද එස්. කුලරත්න විදුහල | 98 |
මෙතුෂාන් තිළිණ | කෑගලු විද්‍යාලය | 84 |
සුමින්ද ලක්ෂාන් | මෝදර ද ලාසාල් විදුහල | 53 |
රවීන් යසස් | රත්ගම දේවපතිරාජ විදුහල | 44 |
හිරුෂ මෙන්ඩිස් | බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල | 32 |
අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
තාරික් හනීෆ් | විචර්ලි ජාත්‍යන්තර පාසල | 522 |
ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 463 |
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 සිසිල් විජිත, 129එෆ්, අබන්විට, ගම්පහ
2 ටී. සෙනෙවිරත්න, 99, නව පාර, කොට්ටාව, පන්නිපිටිය
3 ලාල් විජේකුලසූරිය, 8ඒ, මල් පාර, කොළඹ 7
4 ඩබ්ලිව්. ද සිල්වා, 320/10/1, රත්නරම පාර, හෝකන්දර උතුර
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.