(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දින වූ අද (23 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කුරුණෑගල යොවුන් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටියේය.
ලකුණු 20 ක් ඇතුළත කුරුණෑගල යොවුන් කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පානදුර පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් ඉන් අනතුරුව පිටියේ එක්වූ මනෝජ් සරත්චන්ද්‍ර (50) සහ ලක්ෂාන් එදිරිසිංහ (76) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩ ගත්හ.
ඉතා ඉවසිමත් පිතිහරඹයන්හි නරත වූ මනෝජ්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක්ද, ලක්ෂානගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් විය. කෙසේ වුවත් එම සම්බන්ධතාව නිමාවට පත්කරමින් මනෝජ්ගේ කඩුල්ල බිඳ දැමීමට මොහොමඩ් ඩිල්ෂාඩ් සමත් වීමත් සමග තරගය යළිත් පානදුර කණ්ඩායම දෙසට හැරිණ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාඩ් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත් අතර කුරුණෑගල යොවුන් පිතිකරුවන් අසරණ කිරිම සඳහා ඔහුට අනගි සහායක් දුන් අසංක මනෝජ් ලකුණු 54 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 209
(මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ෂාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 22, චමෝද් සඳරු නොදැවි 25, මොහොමඩ් ඩිල්ෂාඩ් 46/3, අසංක මනෝජ් 54/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.