Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 ලීග් තරගාවලිය වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ට ලංසු කැඳවන වෙන්දේසිය 9 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
ක්‍රීඩක වෙන්දේසිය හෙට (5 වැනිදා) පැවැත්වීමට කලින් දින නියම කළද මෙම සතිය තුල දීපවාලී උත්සව සමය පැවැත්වෙන බැවින්, කණ්ඩායම් හිමිකරුවන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමකට අනුව වෙන්දේසිය කල් දැමීමට තීරණය කර ඇත.
විදේශීය ක්‍රීඩකයින් 300 ක් සහ දේශීය ක්‍රීඩකයින් 300 කින් සමන්විත ක්‍රීඩකයින් 600 ක් ඉදිරිපත් වන මෙම වෙන්දේසිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ඒ සඳහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පමණක් මෙම ක්‍රීඩකයන් ලංසු කැ`දවන වෙන්දේසිය පැවැත්වේ.
‘දේශීය සහ විදේශීය සුවිශේෂී ක්‍රීඩකයා’, ‘දේශීය සහ විදේශීය දියමන්ති ක්‍රීඩකයා’, ‘දේශීය සහ විදේශීය රන් ක්‍රීඩකයා’ සහ ‘දේශීය සහ විදේශීය ක්ලැසික් ක්‍රීඩකයා’ යන කාණ්ඩ කිහිපයක් ආවරණය වන පරිදි වට 20 කින් ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සමන්විත වේ.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හදුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ‘දේශීය නැගී එන’ සහ ‘දේශීය අතිරේක’ යන කාණ්ඩ යටතේ තව වට 2 ක් ද පැවැත්වේ.
දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සහ විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එක් කණ්ඩායමකට හිමිවනු ඇත. කණ්ඩායමේ අවශ්‍යතාවය මත පෙර වසරේ සංචිතයෙන් ක්‍රීඩකයින් 08 දෙනෙකු (දේශීය 4 ක් සහ විදේශීය 4 ක්) රඳවා ගත හැකි අතර, ඉතිරි ක්‍රීඩකයින් එළඹෙන වෙන්දේසීයෙන් තෝරා ගත යුතුය.
තරගාවලියේ පළමු වටය දෙසැම්බර් 5 වැනිදා සිට කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් වටය දෙසැම්බර් 20 වැනිදා සිට පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. අවසන් මහ තරගය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 24 අතිරේක දිනය ලෙසින් වෙන්කර තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.