Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා ටෙස්ට් තරගය 16 දා

කාන්තා ටෙස්ට් තරගය 16 දා

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය ලබන බදාදා (16 වැනිදා) ආරම්භ වේ. එංගලන්තයේ බි්‍රස්ටල් නුවරදී පැවැත්වෙන මෙම තරගය සඳහා 17 දෙනෙකුගෙන් යුත් එංගලන්ත කාන්තා සංචිතයක් නම් කර ඇත. වසර 2017 නොවැම්බර් මාසයෙන් පසුව ලෝකයේ කොතැනක හෝ පැවැත්වෙන පළමු කාන්තා ටෙස්ට් තරගය මෙයයි. 

පළමුපෙළ කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් වයස අවුරුදු 17 ක් වූ වේගපන්දු යවන ක්‍රීඩිකා එමිලි ආලොට් එංගලන්ත සංචිතයට එක්කර ඇත. සෙන්ට්‍රල් ස්පාර්ක් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ එමිලි ආලොට් එක් ඕවරයකදී කඩුලු 4 ක් දවාගනිමින් ජාතික කාන්තා කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමට සමත්වූවාය.

හෙදර් නයිට් එංගලන්ත කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර නතාලී ස්කීවර් උපනායිකාව ලෙස කටයුතු කරනු ඇත.

මිතාලී රාජ්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වනවිට සදම්ප්ටන්හිදී ඔවුන්ගේ නිරෝධායන කාළය සම්පූර්ණ කර ඇත. නවසීලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ආරම්භවන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වන ඉන්දීය පිරිමි කණ්ඩායම සමගින් ඉන්දීය කාන්තා කණ්ඩායමද නිරෝධායක කාල සීමාව ගත කළහ. 

එංගලන්ත කන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එකම ටෙස්ට් තරගයට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එක්දින තරග තුනකට සහ විස්සයි20 තරග තුනකට ක්‍රීඩාකරනු ඇත.

ටෙස්ට් තරගය සඳහා නම්කර ඇති එංගලන්ත කාන්තා සංචිතය
හෙදර් නයිට් (නායිකාව), එමිල් ආලොට්, ටැමී බියුමන්ට්, කැතරින් බ්‍රන්ට්, කෝට් ක්‍රොස්, ෆ්‍රියා ඩේවිස්, සොෆියා ඩන්ක්ලි, සොෆී එක්ලස්ටන්, ජෝර්ජියා එල්විස්, නතාෂා ෆැරන්ට්, සාරා ග්ලෙන්, ඇමී ජෝන්ස්, නතාලී ස්කීවර්, ආන්යා ශ්‍රරබ්සෝල්, මැඩි විලියර්ස්, ෆ්‍රාන් විල්සන් සහ ලොරේන් වින්ෆීල්ඩ්-හිල්

ඉන්දීය සංචිතය
මිතාලි රාජ් (නායිකාව), ස්මි්‍රති මන්දනා, හර්මන්ප්‍රීත් කෞර් (උපනායිකාව), පූනම් රාවත්, ප්‍රියා පූනියා, දීප්ති ෂර්මා, ජෙමීමා රොඩි්‍රගූස්, ශෆාලී වර්මා, ස්නේහ් රානා, ටාවියා භාතියා, ඉන්ද්‍රානි රෝයි, ජූලාන් ගෝස්වාමී, ශිඛා පාණ්ඩේ, පූජා වස්ත්‍රකාර්, අරුන්දතී රෙඩ්ඩි, පූනම් යාදර්, එක්තා බිෂ්ට් සහ රාධා යාදව්.

තරග කාලසටහන
ජුනි 16-19 - එකම ටෙස්ට් තරගය, බි්‍රස්ටල් හිදී

ජුනි 27 - පළමු එක්දින තරගය, බි්‍රස්ටල් හිදී
ජුනි 30 - දෙවැනි එක්දින තරගය, ටවුන්ටන්හිදී
ජුලී 03 -තෙවැනි එක්දින තරගය, වෝර්සෙස්ටර්

ජූලී 09 - පළමු විස්සයි20 තරගය, නොර්දම්ප්ටන්
ජූලී 11 - දෙවැනි විස්සයි20 තරගය, හූවේ
ජූලී 15 - තෙවැනි විස්සයි20 තරගය, චෙල්ම්ස්ෆර්ඩ්


අදහස් (0)

කාන්තා ටෙස්ට් තරගය 16 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.