ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ජීවන්ත කුලතුංග පත්කර කර තිබේ. 39 හැවිරිදි ජීවන්ත ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුමට එළඹීමට නියමිතය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් පත්වන ලද සම්මුඛ පරීක්‍ෂණයෙන් පසුව පුහුණුකරු ධූරයට ජීවන්ත තෝරාගෙන තිබේ. මෙම සම්මුඛ පරීක්‍ෂණයට පුහුණුකරුවන් 9 දෙනකු සහභාගි වී තිබේ.
ශ්‍රී ලංකා අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ හිටපු ප‍්‍රබල පිතිකරුවකු වූ ජීවන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග දෙකකට ක‍්‍රීඩා කර තිබේ. දකුණතින් පන්දුවට පහර දෙන ජීවන්ත පළමු පෙළ තරග 206 කදී ලකුණු 9,414 ක් රැස්කිරීමට සමත් වූ කී‍්‍රඩකයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.