Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකාවට

කාන්තා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකාවට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු අපි‍්‍රකාව සමග එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ වි: 20 තරග 3 කට  කී‍්‍රඩා කිරීම සඳහා ශ්‍රී ලංකා  කාන්තා කි‍්‍රකට් කණ්ඩායම මේ මස 19 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මේ වන විට කණ්ඩායම නම් කර ඇති අතර කී‍්‍රඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධනට හිමිව තිබේ. ඒශානි ලොකුසූරිය කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරයි. තෝරාගන්නා ලද කණ්ඩායමට නව ක‍්‍රීඩිකාවන් තිදෙනෙක් ඇතුළත් වන අතර නිලූකා කරුණාරත්න, එන්. අයි. අයිඩා සහ රෙබේකා වැන්ඩොට් ඒ අතර වෙති.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන නිලූකා කරුණාරත්න වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩිකාවක වන අතර පන්දු යැවීමටද දක්ෂතාවයක් දක්වයි.

මඩකළපුවෙන් පැමිණි වේග පන්දුයවන්නියක වන එන්. අයි. අයිඩා, කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරන කී‍්‍රඩිකාවකි. කණ්ඩායමේ අතිරේක කඩුලූ රකින්නිය ලෙස එක්ව සිටින රෙබේකා වැන්ඩොට් දක්ෂ පිතිකාරිණියක් ලෙස හැදින්විය හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම

ශෂිකලා සිරිවර්ධන (නායිකාව), ඒශානි ලොකුසූරිය (උප නායිකාව), චමරි අතපත්තු, යශෝධා මෙන්ඩිස්, දීපිකා රසාංගිකා, ඩිලානි මනෝදරා (කඩුලූ රකින්නිය), නිලූකා කරුණාරත්න, සේපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝධිනි, චමරි සෙනෙවිරත්න, මදුරි සුමුදිකා, එන්.අයි.අයිඩා, චන්දිමා ගුණරත්න සහ රෙබේකා වැන්ඩොට්.
අතිරේක -: සඳමාලි දොළවත්ත, ලසන්ති මධුෂානි,  ඕෂදී රණසිංහ සහ ඉනෝකා රණවීර

තරග කාලසටහන

ඔක්තෝම්බර් 22 - දකුණු අපි‍්‍රකා නැගී එන කණ්ඩායම සමග පුහුණු තරගය
ඔක්තෝම්බර් 24 - පළමු එක්දින ජාත්‍යන්තර තරගය
ඔක්තෝම්බර් 26 - දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය
ඔක්තෝම්බර් 28 - තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය
ඔක්තෝම්බර් 31 - පළමු වි: 20 තරගය
නොවැම්බර් 02 -  දෙවැනි වි: 20 තරගය
නොවැම්බර් 03 -  තෙවැනි වි: 20 තරගය

-036

 


අදහස් (2)

කාන්තා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.