Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට දිරිදීම සඳහා තමා මෙම 30 වැනිදා දින කීපයකට පාකිස්ථානය බලා යන බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ අභිප්‍රායෙන් පාකිස්ථානයේ දින ගණනාවක් ඔවුන් සමග ගත කිරීමට අපේක්‍ෂාවෙන් පසුවුවත් මේ දිනවල තමන් මුහුණ දී තිබෙන දේශපාලන කාර්යබහුලත්වය හේතුවෙන් එය දින දෙකකට පමණක් සීමා කිරීමට සිදු වූ බවත් එහිදී ඇමැතිවරයා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසීය.
පාකිස්ථානයේ තරග සංචාරය අරඹමින් ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.
“ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක් පාකිස්ථාන තරග සංචාරයට එක් වෙන්න බෑ කිව්වා. අපිත් ඔවුන්ට කිසිදු බලපෑමක් කරන්න ගියේ නෑ. ඒක ඒ අයගෙ කැමැත්ත” යයි ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම තරග සංචාරය සම්බන්ධයෙන් පාකිස්ථානය ප්‍රකාශ කර ඇත්තේ එරට ජනාධිපතිවරයට ලබාදෙන අන්දමේ දැවැන්ත ආරක්‍ෂාවක් එරටට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.