Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයෝ 7 ක් ශාරීරික යෝග්‍යතාව අසමත්

ක්‍රීඩකයෝ 7 ක් ශාරීරික යෝග්‍යතාව අසමත්

editorial - 2021 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය සඳහා නම් කරනු ලැබ සිටි ක්‍රීඩකයන් 7 දෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීම නිසා ඔවුන්ට තරගාවලි‍යට සහභාගි වීමේ අවස්ථාව මඟ හැරී ගොස් තිබේ. මෙම ක්‍රීඩකයන් 7 දෙනා අතර සිටින ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නෙකි.

කඩුලු රකින ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කර ඇති මුල් පෙළ පිතිකරුවකු වන අතර සංගීත් කුරේ සහ අශාන් රන්දිකද මුල් පෙළ පිතිකරුවෝ වෙති. අෂාන් මඳ වේග පන්දු යවන්නකු ලෙසත්, සංගීත් පිට දඟ පන්දු යවන්නකු ලෙසත් ඇතැම් අවස්ථාවන්හි පන්දු ‍යැවීමේද නිරත වෙති.

ජෙහාන් ඩැනියෙල් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසත්, කොෂාන් ජයවික්‍රම පිට දඟ පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරන අතර ළහිරු ගමගේ ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කර ඇති වේග පන්දු යවන්නෙකි.

ඔවුන්ට අමරතව කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පා දඟ පන්දු යවන ක්‍රීඩක සචිඳු කොළඹගේ (බ්ලූස්), තුන් ඉරියව් ක්‍රීඩක නිමේෂ් විමුක්ති (රෙඩ්ස්) සහ ‍‍වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාස් (රෙඩ්ස්) යන ක්‍රීඩකයන්ටද තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත. මේ වන විට ඔවුන් සිය කණ්ඩායම් වලින් වෙන්ව ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම ක්‍රීඩකයන් තරගාවලි‍යෙන් ඉවත් කෙරුණද, ඔවුන් වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයන් ආදේශ කිරීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.


අදහස් (0)

ක්‍රීඩකයෝ 7 ක් ශාරීරික යෝග්‍යතාව අසමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.