Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස් බ්‍රෝඩ්ට තීරණය බාරයි

ක්‍රිස් බ්‍රෝඩ්ට තීරණය බාරයි

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සහභාගිවන තරග තීරකවරයා සහ විනිසුරුවන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබිණ.

ඒ අනුව ඉන්දියාව සහ නවසීලන්තය අතර සදම්ප්ටන්හිදී ජුනි 18 සිට ඇරඹෙන අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙන ක්‍රිස් බ්‍රෝඩ් මහතා කටයුතු කරනු ඇත. පිටියේ විනිසුරුවන් ලෙස මයිකල් ගෆ් සහ රිචඩ් ඉලංග්වර්ත් යන මහත්වරුන් තෝරාගෙන ඇත.

ක්‍රිස් බ්‍රෝඩ් මහතා මේ වන විට එංගලන්ත කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කරන ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පියාය. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සිටින පළපුරුදුම තීරකවරුන් කිහිපදෙනාගෙන් අයෙකි.

රිචඩ් කෙට්ල්බරර් මහතා රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කරනු ලබන අතර ඇලෙක්ස් වෝෆ් සිව්වන විනිසුරු ලෙස කටයුතු කරනු ඇත.

“ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟය සඳහා පළපුරුදු තරග නිලධාරීන් කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීම ගැන අපි සතුටු වෙනවා.” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ජේ්‍යෂ්ඨ කළමනාකරු (විනිසුරුවන් සහ තීරකවරුන්ගේ) ඒඩ්‍රියන් ග්‍රිෆිත් මහතා පැවසීය.

“වසංගතය සමඟ මේ ගතවෙන්නේ පහසු කාලයක් නෙමේ. නමුත් මෙම ක්ෂේත්‍රයේ වසර ගණනාවක් තිස්සේ ස්ථාවරව සිටි නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටීම අපට වාසනාවක්. අපි ඔවුන්ට සුභ පතනවා” යැයි ග්‍රිෆිත් මහතා වැඩිදුරටත් පැවසීය.

- 2079

 


අදහස් (0)

ක්‍රිස් බ්‍රෝඩ්ට තීරණය බාරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.