Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්‍රීඩාවත් ඔලිම්පික් කෙළිබිමට

ක්‍රිකට් ක්‍රීඩාවත් ඔලිම්පික් කෙළිබිමට

editorial - 2021 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් කෙළිබිමට ගෙන යාමට තමන් සියලු උත්සාහයන් ගන්නා බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. “වසර 128 ක්  තිස්සේ ඔලිම්පික් කෙළිබිමට අහිමි වී තිබූ ක්‍රිකට් ක්‍රීඩාව ඊට ඇතුළත් කිරීමේ වැදගත්කම තහවුරු කිරීම සඳහා සියලු ආකාරයෙන් කටයුතු සූදානම් කරන බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.

වසර 1900 දී පැවැති පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වී තිබේ. එහිදී ඩෙවොන් සහ සමරසෙට් වොන්ඩරස් කණ්ඩායම එංගලන්තය නියෝජනය කළේය. ප්‍රංශය නියෝජනය කළේ පැරීසියේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයි. තනි ඉනිමකට සීමා වූ එම තරගයේදී ඩෙවොන් සහ සමරසෙට් වොන්ඩරස් කණ්ඩායමට ලකුණු 158 ක ජයක් හිමිවිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ග්‍රෙග් බාක්ලේ මහතා කියා සිටියේ ටෝකියෝ ඔලිම්පික් උළෙල නිසා තමන් මහත් උද්දාමයට පත්වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාවට හිමි අති විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාව නිසා එය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කළ යුතු යයි තමන් අදහස් කරන බවත්ය.

“මේ වගේ අසීරු තත්ත්වයක් තිබියදීත්, එවැනි අති විශිෂ්ට ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවටත්, ටෝකියෝ සංවිධායක මණ්ඩලයටත් සුබ පැතීමට මා කැමතියි”

“එය අත්‍යාලංකාරයි. ඒ වගේම එය ලෝකයේම අවධානය දිනාගත්තා. මීළඟ ඔලිම්පික් උළෙල වලදී ක්‍රිකට් ක්‍රීඩාවත් එහි කොටසක් වෙනවා නම් අපි ඉතාමත් සතුටු වෙනවා...

ලෝක ජනගහනයෙන් බිලියනයකට වැඩි පිරිසක් ක්‍රිකට් ලෝලියෝ... ඔවුන්ගෙන් 90% ක්ම ක්‍රිකට් ක්‍රීඩාවත් ඔලිම්පික් උළෙලට එක්වෙනවාට කැමතියි” යයි ග්‍රෙග් බාක්ලේ මහතා පවසා තිබිණ.

“අපේ සමස්ත ප්‍රේක්‍ෂකයන්ගෙන් 92්‍ර ක් ඉන්නේ දකුණු ආසියාවේ. තවත් ප්‍රේක්‍ෂකයන් මිලියන 30 ක් විතර ඇමරිකා එක්සත් ජනපදයේ සිටිනවා..... තමන්ගේ වීරයන් ඔලිම්පික් කෙළිබිමේදී තරග වදිනවා බලන්නට මේ ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාවක් සලසා දීම උත්කර්ෂයක් වේවි” යයිද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා පැවසීය.

ලබන වසරේදී (2022) එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඊට එක්වනු ඇත. ඒ 1998 මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පසුවය. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනාගත්තේය.

-  213

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩාවත් ඔලිම්පික් කෙළිබිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.