
‘කොවිඞ් 19’ වයිරස් අවදානම නැවතත් හිස එසවීම හේතුවෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය දින දෙකක් වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
එම තීරණයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඊයේ සහ අද (7 සහ 8) දෙදින සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබේ. අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් සිකුරාදා සිට ක්‍රිකට් මූලස්ථානය විවෘත කරන අතර සෙසු සේවක සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.