Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කරච්චි ක්‍රීඩාංගණය වටා ආරක්‍ෂක වලල්ලක්

කරච්චි ක්‍රීඩාංගණය වටා ආරක්‍ෂක වලල්ලක්

යොහාන් භාසුර - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (27) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණය වටා කිලෝමීටර තුනක පමණ ප්‍රදේශයක් ආරක්‍ෂක කළාපයක් ලෙස වෙන්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
ක්‍රීඩාංගණය වටා එම කළාපය තුළ ආරක්‍ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ස්ථානගත කර ඇති බවත් එම කළාපයේ ආරම්භයේ සිට මීටර 500 ක් දක්වා වාහන ධාවනය අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.
 
එම ස්ථානයේ ප්‍රේක්‍ෂකයන් පරීක්‍ෂා කර පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් යොදවන ලද විශේෂ බස් සේවයක් මගින් ක්‍රීඩාංගණයට ප්‍රේක්‍ෂකයන් යොමු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම තරග තුනම දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට තරග ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ ආරක්‍ෂාව සඳහා යුද හමුදා සහ පොලිස් නිලධාරීන් 8000 කට අධික සංඛ්‍යාවක් යොදවන බව මීට පෙර පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණි.
 
කරච්චි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 2009 වසරේ ජනවාරි මස පැවැති එක්දින තරගයෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරගයක් පවත්වා නැත. 2018 වසරේ අප්‍රේල් මස මෙම ක්‍රීඩාංගණයේ පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර විස්සයි20 තරගයක් පැවැත්විණි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු හෙට (26) පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිත අතර ලේකම් මොහාන් ද සිල්වා මහතා පසුව පාකිස්තානයට යෑමට නියමිතය.    
 
 


අදහස් (0)

කරච්චි ක්‍රීඩාංගණය වටා ආරක්‍ෂක වලල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.