Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කම්කරු දෙපාර්තමේන්තුවට ලකුණු 24 ක ජයක්

කම්කරු දෙපාර්තමේන්තුවට ලකුණු 24 ක ජයක්

editorial - 2022 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මොරටුව නගර සභා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 ක පහසු ජයක් අත්කරගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව සමත් විය.

රාජ්‍ය සේවා තරගාවලියේ ‘ඩී’ කණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේදී  මොරටුව නගර සභා කණ්ඩායමේ රමේෂ් නිලේන්ද්‍ර ලකුණු 37 කට කඩුලු 6 ක් දවාගත් නමුත් සුපුන් ප්‍රසාද් (45) සහ ගයාන් කුෂාන්ත (54) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 69 ක සම්බන්ධතාව නිසා කම්කරු දෙපාර්තමේන්තුව ලකුණු 184 ක් ලබාගත්තේය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ සුපුන් ප්‍රසාද් (34/3) සහ නායක හේෂිත චමීර (28/2) එක්ව මොරටුව නගර සභාව ලකුණු 160 කට සීමා කළහ.

 

කම්කරු දෙපාර්තමේන්තුව - ඕවර 40 කදී සියලු දෙනා දැවී 184 යි
(සමන් ජයසිංහ 15, ඉමන්ත ප්‍රේමරත්න 14, සුපුන් ප්‍රසාද් 45, ගයාන් කුෂාන්ත 54, ශශික චතුරංග නොදැවී 15, රමේෂ් නිලේන්ද්‍ර 37/6)


මොරටුව නගර සභාව - ඕවර 43.4 සියලු දෙනා දැවී 160 යි
(නිශ්ශංක පෙරේරා 37, සම්පත් නන්දසිරි 48, නිමේෂ් කුමාර 13, නලීන් දුමින්ද 13, හේෂිත චමීර 28/2, සුපුන් ප්‍රසාද් 34/3)


අදහස් (0)

කම්කරු දෙපාර්තමේන්තුවට ලකුණු 24 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.