Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් විනිසුරුවන්ගේ වැඩමුළුව හෙට

කි‍්‍රකට් විනිසුරුවන්ගේ වැඩමුළුව හෙට

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීලග පාසල් කි‍්‍රකට් වාරය 19 න් පහළ සහ 13 න් පහළ පාසල් තරගවාරය ඉලක්ක කරගනිමින් වඩාත් උසස් මට්ටමින් සහ ඵලදායි ලෙස විනිසුරු සේවය ලබාදීම අරමුණු කොට පවත්වනු ලබන එක්දින පුහුණු වැඩමුළුවක් හෙට (ඉරිදා) කළුතර නාගරික කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැත්වේ.

දිස්ති‍්‍රක්කයේ සියළුම විනිසුරුවරුන් සඳහා විවෘත මෙම වැඩමුළුව හෙට පෙ. ව. 9. 00 ට ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා කි‍්‍රකට් විනිසුරුවරුන්ගේ මව් සංගමය සහ කළුතර දිස්ති‍්‍රක් සංගමය එක්ව සංවිධානය කරන මෙම වැඩමුළුව දිස්ති‍්‍රක් සංගමයේ සභාපති සරත් අබේසුන්දර සහ මව් සංගමයේ සභාපති ශිරෝෂ ගුණතිලක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. කළුතර දිස්ති‍්‍රක් විනිසුරුවරුන්ගේ නිල වෙබ් අඩවිය වන www.acuslkalutara.com වෙබ් අඩවියද එදිනම අන්තර්ජාලයට මුදාහැරේ.

කළුතර දිස්ති‍්‍රක් කි‍්‍රකට් විනිසුරු සංගමයේ සියලූම කි‍්‍රකට් විනිසුරුවරුන් මෙම වැඩමුළුවට සහභාගීවීම අනිවාර්ය වන අතර දිස්ති‍්‍රක් ලේකම් රුසිරු ද සිල්වා (077 2962229) හෝ ශාඛා සම්බන්ධීකරණ ලේකම් යූ. ජී. සමන් (077 3646600) යන මහත්වරුන් අමතා වැඩි විස්තර ලබාගත හැකිය.


අදහස් (0)

කි‍්‍රකට් විනිසුරුවන්ගේ වැඩමුළුව හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.