කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදී හෙට (2) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි 20 ක්‍රිකට් තරගය නැරඹීමට පොලිස් නිලධාරීන් වෙත නොමිලේ නිකුත් කළ බව කියන ප්‍රවේශපත්‍ර තොගයක් අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
පොලිසියේ පහළ නිලධාරීන්ට බෙදා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශපත්‍ර 100 ක් කොළඹ ප්‍රදේශය භාර ඉහළ පෙළේ පොලිස් නිලධාරින් දෙදෙනකුට බාර දී ඇති නමුත් ඒවා අදාළ පොලිස් නිලධාරීන් අතරට ගොස් නැත.
පොලිස් නිලධාරින් කීපදෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකුගෙන් ඒ සම්පන්ධයෙන් කළ විමසීමේදී නිලධාරියා පවසා ඇත්තේ පොලිසියට වෙන් කළ ප්‍රවේශපත්‍ර ඒ වන විටත් ඉහළ පෙළේ පොලිස් නිලධාරින් දෙදෙනා අතට පත් කර අවසන්ව ඇති බවයි.
කෙසේ වුවත් මෙම සිද්ධියෙන් පොලිසියේ පහළ නිලධාරින් කණස්සල්ලට පත්ව සිටින බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට වෙනදා හිමිවන ප්‍රවේශ පත්‍ර අද තරගය සඳහා නොදීම ගැනද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සේවකයන් පිරිසක් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
එහිදී ඔවුන්ගේ චෝදනාව එල්ල වී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කමිටුවක ලේකම්වරියක ලෙස කටයුතු කරන සේවිකාවකට හා ඇය සමීපව ඇසුරු කරනබව කියන එහිම තවත් කමිටුවක සේවකයකුට බවද දැනගන්නට ඇත.
සටහන - නාමල් පතිරගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.