Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට ලකුණු 141 ක දැවැන්ත ජයක්
කාන්තා ලෝක කුසලාන - 2022

ඕස්ට්‍රේලියාවට ලකුණු 141 ක දැවැන්ත ජයක්

editorial - 2022 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පන්දු යවන්නියන්ගේ දක්ෂතාව හේතුවෙන් නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී අද (13 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගය ලකුණු 141 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට ඕවර 30.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.

ඇමී සැටර්වයිට් පන්දු 67 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් සහ පසුපෙළ පිතිකාරීණි ලී ටහු පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක් ලබාගත්තද සෙසු පිතිකාරිණියන්ට ලකුණු අතරට පැමිණීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් අවස්ථාවක් නොලැබිණ.  ඩාර්සි බ්‍රව්න් කඩුලු 3 ක් ද, ඈෂ්ලි ගාඩ්නර් සහ ඇමන්ඩා වෙලින්ටන් කඩුලු 2 බැගින්ද දවාගනිමින් නවසීලන්ත පිතිකාරිණීයන් මෙල්ල කළහ.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 269 ක් ලබාගැනීමට සමත්විය.

එලිස් පේරී සහ ටාලියා මැග්‍රාර්ත් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දක්වන විට වේගවත් පිතිහරඹයක නිරත වූ ඈෂ්ලී ගාඩ්නර් පන්දු 18 කදී හයේ පහර සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 48 ක් ලබාගැනීමට සමත්වූවාය.

එලිස් පේරී පන්දු 86 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 68 ක් ලබාගත් අතර ටාලියා මැග්‍රාත් පන්දු 56 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත්තාය. රැචෙල් හේන්ස් සහ බෙත් මූනි ලකුණු 30 බැගින් ලබාගනිමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

එලිස් පේරී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 269
(රැචෙල් හේන්ස් 30, එලිස් පේරී 68, බෙත් මූනි 30, ටාලියා මැග්‍රාත් 57, ඈෂ්ලී ගාඩ්නර් නොදැවී 48, ලී ටහු 53/3)

නවසීලන්තය - ඕවර 30.2 කදී සියලුදෙනා දැවී 128
(ඇමී සැටර්වයිට් 44, ලී ටහු නොදැවී 23, ඩාර්සි බ්‍රව්න් 22/3, ඈෂ්ලි ගාඩ්නර් 15/2, ඇමන්ඩා වෙලින්ටන් 34/2)

 

- 2079

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 141 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.