Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට නොසිතූ ජයක්

ඕස්ට්‍රේලියාවට නොසිතූ ජයක්

editorial - 2021 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් ඕවරය යවන ලද මිචෙල් ස්ටාක්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශාන්ත ලුසියාහිදී ඊයේ (14 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 4 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ නමුත් තරගාවලිය 3-1 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල පෙරමුණේ පසුවන්නේය.

අවසන් ඕවර 2 තුලදී ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 36 ක් අවශ්‍යවූ අතර 19 වැනි ඕවරය යවන ලද රිලී මෙරඩිත්ගෙන් ලකුණු 25 ක් උදුරා ගැනීමට ඔන්ඩ්‍රි රසල් සහ ෆේබියන් ඇලන් සමත්වූහ. නමුත් එම ඕවරයේ අවසන් පන්දුවේදී ෆේබියන් ඇලන් දැවී ගියේය.

කොදෙව් පිලට අවසන් ඕවරයේදී ලකුණු 11 ක් අවශ්‍යවූ නමුත් මිචෙල් ස්ටාක්ගේ පන්දු හමුවේ එම අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටි ඔන්ඩ්‍රි රසල්ට පළමු පන්දු 5 තුලදී ලකුණු ලබාගැනීමට නොහැකිවූ අතර අවසන් පන්දුවේදී ලකුණු 6 ක් ලබාගත්තේය.

අනෙක් අන්තයේ පන්දුවට පහරදීමට සිටින පිතිකරුවා ගැන විශ්වාස නොකරමින් තමන් ගැන පමණක් විශ්වාස කරමින් ඔන්ඩි්‍ර රසල් පන්දුවට පහරදීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජයට පත්විය. එම පන්දු 5 තුලදී තනි ලකුණු ලබාගැනීමට අවස්ථාව තිබුණද පන්දුව හතරේ සීමාවෙන් එළියට යැවීමට රසල් උත්සහ කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණි.

ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එවින් ලුවිස් ලකුණු 31 ක්, ඔන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 24 ක් සහ ෆේබියන් ඇලන් ලකුණු 29 ක් රැස්කරමින් කළද තරගය ජයගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

තුන්ඉරියව් දස්කම් දැක්වූ මිචෙල් මාෂ් සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර ඇඩම් සම්පා ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 189 ක් රැස්කිරීමට සමත්විය. නායක ඒරන් ෆින්ච් සහ මිචෙල් මාෂ් අර්ධ ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ඒරන් ෆින්ච් පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළ අතර මිචෙල් මාෂ් පන්දු 44 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 75 ක් ලබාගත්තේය.

සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකළ හේඩ්න් වෝල්ෂ් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 189
(ඒරන් ෆින්ච් 53, මිචෙල් මාෂ් 75, ඩෑන් ක්‍රිස්ටියන් නොදැවී 22, හේඩ්න් වෝල්ෂ් 27/3)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 185
(ලෙන්ඩ්ල් සිමන්ස් 72, එවින් ලුවිස් 31, ඔන්ඩි්‍ර රසල් නොදැවී 24, ෆේබියන් ඇලන් 29, මිචෙල් මාෂ් 24/3, ඇඩම් සම්පා 20/2)

- 2079


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට නොසිතූ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.