Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව ලකුණු 296 ක් ඉදිරියෙන්
ලෝක ශූරතා අවසන් තරගය

ඕස්ට්‍රේලියාව ලකුණු 296 ක් ඉදිරියෙන්

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දෙවැනි ඉනිමේදී තරමක් අභියෝගාත්මක පිතිහරඹයක නිරතව සිටින ඕස්ට්‍රේලියානුවෝ ලෝක ශූරතා අවසන් මහ තරගයේදී ඉන්දියාවට වඩා ලකුණු 296 ක් ඉදිරියෙන් සිටිති.

ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනය වන අද (09 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවන් සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් ලබාගත්තේ තමන්ගේ වාසිය ලකුණු 296 ක් දක්වා වැඩිකර ගනිමිනි.
 
තේ පානයත් දිනයේ අවසානයත් අතර ලකුණු 100 ක් වාර්තා වූ නමුත් ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 3 ක් අහිමි කරගත්හ. මුල් ඉනිමේදී අගනා ශතකයක් ලබාගත් ස්ටීවන් ස්මිත් දෙවැනි ඉනිමේදීත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නමුත් හිටි අඩියේම තරමක් මුරණ්ඩු පහරක් ගැසීමට යාමෙන් කඩුල්ල අහිමි කරගත්තේය.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අජින්ක්‍යා රහනේ (නොදැවී 89) සහ ශර්දුල් ඨාකූර් (නොදැවී 36) එකතුව, ලෝක ශූරතා අවසන් මහ තරගයේදී, පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ඉන්දියාව මුදා ගත්හ.

එහෙත් රහනේ දැවී යාමෙන් පසුව, ඕවර 8 ක් ඇතුළතදී ඉන්දීය පිල ලකුණු 296 කට දැවී ගියේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 173 ක දැවැන්ත වාසියක් ඉතිරි කරමිනි.

ඉන්දීය කණ්ඩායමටත් වාසනාව නොතිබුණා නොවේ. රහනේ සහ ඨාකූර් අතර ලකුණු 109 ක සම්බන්ධතාව පැවැත්වෙන අතරවාරයේදී ඕස්ටේ්‍රලියානුවන් අතින් උඩපන්දු 3 ක් ගිළිහී ගිය අතර දවාගත් එකම කඩුල්ලද නිපන්දුවක් ඔස්සේ වූයෙන් පිතිකරුවාට වාසනාව ඉතිරි විය.

අද දිනය ආරම්භ වූයේ කඩුලු 5 කට 151 ක් ලබා සිටි ඉන්දීය පිල මුහුණ දුන් මුල්ම ඕවරයේදී ශ්‍රීකාර් භාරත් දැවී යාමෙනි. එම ඕවරයේදීම ස්කොට් බෝලන්ඩ් යැවූ අවසන් පන්දුව, ශර්දුල් ඨාකූර් ලකුණු ලබාගැනීමට පෙර ඔහුගේ පිත්තේ කොණක වැදී, උඩපන්දුවක් ලෙසින් තුන්වැනි ස්ලිප් හි සිටි උස්මන් කවාජාගේ අතේ වැදී ඈතට ගියේය.

ඨාකූර් ලකුණු 08 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවකින් කැමරන් ග්‍රීන්ට පහසු උඩපන්දුවක් ලැබුණු නමුත් එයද ගිළිහී ගියේය. අද දවසේ තමන්ට වාසනාව තිබෙන බව ඨාකූර් තේරුම් ගත්තේය.

අජින්ක්‍යා රහනේ ලකුණු 74 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවකින් පැමිණි උඩපන්දුව කඩුලු රකින්නාව වන ඇලෙක්ස් කේරි සහ පළමු ස්ලිප් ඩේවිඩ් වෝනර් අතරින් රිංගා ගියේය.

දිවා ආහාරයට පෙර යැවුණු අවසන් ඕවරයේදී ශර්දුල් ඨාකූර් කඩුල්ල මුවා කළේ යයි විනිසුරු රිචඩ් ඉලිංවර්ත් මහතාගෙන් තීන්දුවක් ගැනීමට පැට් කමින්ස් සමත් වූයේය.

එහෙත් එම අවස්ථාව විනිසුරු තීරණ විමිසීමට යොමු කිරීමේදී හෙළිදරව් වූයේ පැට් කමින්සේ පාදය නියමිත සීමාවෙන් ඉවතට පැන තිබූ බවයි. එය නිපන්දුවක් වූයෙන් ඨාකූර් තුන්වැනි වතාවටත් කඩුල්ල රැකගත්තේය.

 

.

 

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 296 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.