Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිචෙල් ස්වීප්සන් (12/3) සහ ඇන්ඩෘ ටේගේ (17/2) දක්ෂ පන්දු යැවීම හමුවේ මීර්පූර්හිදී ඊයේ (7 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිව 3-1 ක් ලෙස බංග්ලාදේශය පෙරමුණ ගෙන ඇත.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 104 ක් ක් පමණි.
ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් ලකුණු 28 ක්, අෆීෆ් හුසේන් ලකුණු 20 ක් සහ මෙහෙදි හසන් ලකුණු 23 ක් ලබාගැනීමට සමත්විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ මිචෙල් ස්වීප්සන් සිය ඕවර 4 ලකුණු 12 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර ඇන්ඩෘ ටේ ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගනිමින් බංග්ලාදේශය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
සකීබ් අල් හසන් යවන ලද 4 වැනි ඕවරයේදී හයේ පහර 5 ක් එල්ල කරමින් ලකුණු 30 ක් උදුරා ගත් ඩෑන් ක්‍රිස්ටියන් දැවී යන විට පන්දු 15 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 39 ක් ලබාගැනීමට සමත්විය. ඇෂ්ටන් ආගර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 27 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
මුස්ටෆිසූර් රහ්මන් සිය ඕවර ලකුණු 4 ලකුණු 09 කට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය වැළැක්වීමට අපොහොසත් විය. මෙහෙදි හසන් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තේය.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 104
(මොහොමඩ් නයිම් 28, අෆීෆ් හුසේන් 20, මෙහෙදි හසන් 23, මිචෙල් ස්වීප්සන් 12/3, ඇන්ඩෘ ටේ 18/3)
ඕස්ට්‍රේලියාව - ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී 105
(ඩෑන් ක්‍රිස්ටියන් 39, ඇෂ්ටන් ආගර් 27, මුස්ටෆිසූර් රහ්මන් 09/2, මෙහෙදි හසන් 17/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.