Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය ජය ලබති

ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය ජය ලබති

editorial - 2024 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්‍ට්‍රේලියාව සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද ඕස්‍ට්‍රේලියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 87 ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 6.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළ ජොෂ් ඉංග්ලිෂ් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

සිය දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ජේක් ෆ්‍රැසර් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 41 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්ෂේවියර් බාට්ලෙට් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 24.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි. එහිදී ඕවර 7.1 ක් යැවූ ක්ෂේවියර් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත්තේය.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 24.1 කදී සියලු දෙනා දැවී 86 
(ඇලික් අතෑනස් 32, ක්ෂේවියර් බාට්ලෙට් 21/4, ලාන්ස් මොරිස් 13/2, ඇඩම් සම්පා 14/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 6.5 කදී කඩුලු 2 ක් දැවී 87 
(ජේක් ෆ්‍රැසර් 41, ජොෂ් ඉංග්ලිෂ් නොදැවී 35) 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ එක්දින තරගාවලිය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.