Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ 2-0 කින් නවසීලන්තය පරදවයි

ඕස්ට්‍රේලියානුවෝ 2-0 කින් නවසීලන්තය පරදවයි

editorial - 2024 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ, කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇලෙක්ස් කේරි හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 98 ක් රැස්කළ අතර මිචෙල් මාෂ් (80) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
 
මාෂ්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත වූ අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි මිචෙල් ස්ටාක් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. එතැන් පටන් නායක පැට් කමින්ස් (නොදැවී 32) සමග එක්වූ කේරි, අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 162 
(ටොම් ලේතම් 38, කේන් විලියම්සන් 17, ටොම් බ්ලන්ඩල් 22, මැතිව් හෙන්රි 29, ටිම් සවුති 26, ජොස් හෙසල්වුඞ් 31/5, මිචෙල් ස්ටාක් 59/3) 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 256
(උස්මාන් කවාජා 16, මානස් ලැබුෂේන් 90, කැමරන් ග්‍රීන් 25, ට්‍රැවීස් හෙඞ් 21, නේතන් ලයන් 20, මිචෙල් ස්ටාක් 28, පැට් කමින්ස් 23, මැතිව් හෙන්රි 67/7) 

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 372 
(ටොම් ලේතම් 73, කේන් විලියම්සන් 51, රචින් රවින්ද්‍ර 82, ඩැරිල් මිචෙල් 58, ග්ලේන් පිලිප්ස් 16, ස්කොට් කුගිලීජන් 44, මැතිව් හෙන්රි 16, පැට් කමින්ස් 62/4, නේදන් ලයන් 49/3) 

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 281 
(ට්‍රැවීස් හෙඞ් 18, මිචෙල් මාෂ් 80, ඇලෙක්ස් කේරි නොදැවී 98, පැට් කමින්ස් නොදැවී 32, බෙන් සීස් 90/4, මැතිව් හෙන්රි 94/2) 

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 2-0 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.