Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු සංචාරයට ධනුෂ්ක එක්වෙයි
ඕස්ට්‍රේලියානු සංචාරය

ඕස්ට්‍රේලියානු සංචාරයට ධනුෂ්ක එක්වෙයි

editorial - 2022 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඇතුළත් කර තිබේ.

තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක එම තහනම අවසන් වීමෙන් පසුව පළමු වරට ශ්‍රී ලංකා සංචිතය සමගින් එක්වේ. කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැති එක්දින තරගාවලට එක්වූවද, ඕස්ට්‍රේලියානු සංචාරයට කැඳවා ඇත්තේ කුසල් මෙන්ඩිස් පමණී.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් භානුක රාජපක්ෂ නැවතත් එම තීරණය වෙනස් කළද ඔහුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම්කර නොමැත.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වාත් ඕස්ට්‍රේලියානු සංචිතයට නම්කර නොමැත. පිතෘත්වය ලැබීම නිසා නිවාඩු ලබාගැනීම හේතුවෙන් සිම්බාබ්වේ සමගින් පැවැති එක්දින තරගාවලියටද ධනංජය එක් නොවීය.

කොරෝනා වැළඳීම හේතුවෙන් සිම්බාබේ සමගින් පැවැති එක්දින තරගාවලියෙන් ඉවත් කළ අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිෂාර නැවතත් සංචිතයට නම් කිරිමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (26 වැනිදා) මාධ්‍ය වෙත නිකුත් කළ අතර කණ්ඩායමේ උපනායකත්වය චරිත් අසලංකට හිමිව තිබේ. මෙම කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීද පළමු වරට චරිත් අසලංක උපනායකයා ලෙස කටයුතු කළේය. නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරයි.

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත්විම හේතුවෙන් සිම්බාබ්වේ තරගාවලිය අහිමිවූ ළහිරු කුමාරත්, ආබාධයකට ලක්ව සිට සුවය ලබා ඇති වනිඳු හසරංගත් ඕස්ටේ්‍රලියාව බලා පිටත්වන ශ්‍රී ලංකා සංචිතයට එක්කර ඇත.

දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන අතර 13, 15, 18, සහ 20 යන දිනවල සිඩ්නි, මනුකා ඕවල් සහ මෙල්බර්න්හිදී තරග පැවැත්වේ.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු

 

- 2079


අදහස් (0)

ඕස්ට්‍රේලියානු සංචාරයට ධනුෂ්ක එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.