Last Update  :  2025-12-11 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු යොවුන් පිලට ශ්‍රී ලාංකික සම්භවය ඇති දෙදෙනෙක්

ඕස්ට්‍රේලියානු යොවුන් පිලට ශ්‍රී ලාංකික සම්භවය ඇති දෙදෙනෙක්

editorial - 2025 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඇතුළත්ව සිටිති. නදේන් කුරේ සහ නිතේෂ් සැමුවෙල් මෙම ක්‍රීඩකයෝ දෙදෙනා වෙති. 

පසුගියදා නිමා වූ ඕස්ට්‍රේලියානු 19 න් පහළ ශූරතාවලියේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා වූයේද නිතේෂ් සැමුවෙල්ය. එම තරගාවලියේදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 364 කි. 

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2026 ජනවාරි 15 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවලදී පැවැත්වේ. මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නම්කරනු ලැබ ඇති අතර ඊට ඉන්දීය සම්භවයක් ඇති ක්‍රීඩකයෝ දෙදෙනෙක් මෙන්ම චීන සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටිති. 

ආර්යන් ෂර්මා සහ ජෝන් ජේම්ස් ඉන්දීය සම්භවයක් ඇති ක්‍රීඩකයන් වන අතර ඇලෙක්ස් ලී යංග් චීන සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි. 

2026 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ්‍රලියාව  මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදී. අයර්ලන්තය, ජපානය සහ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වෙයි. 

ඕස්ට්‍රේලියානුවන් මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ 19 න් පහළ (යොවුන්) ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් ලෙසිනි. 

වික්ටෝරියා ප්‍රන්තයේ ගීලොන්ග් දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරුවකු වන ඔලිවර් පීකේ කණ්ඩායමේ නායකත්වය දරයි. මේ වනවිටත් ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම නියෝජනය කර ඇති ඔලිවර් පීකේ, මේ වසර මුලදී ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවටත් පැමිණියේය. 

ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම 
ඔලිවර් පීකේ (නායකයා), කේසි බාර්ටන්, නදේන් කුරේ, ජේඩන් ඩ්‍රේපර්, බෙන් ගෝර්ඩන්, ස්ටීවන් හෝගන්,  තෝමස් හෝගන්, ජෝන් ජේම්ස්, චාල්ස් ලැච්මන්ඩ්, විල් මැලජ්චුක්, නීතේෂ් සැමුවෙල්, හේඩන් ෂිලර්, ආර්යන් ෂර්මා, විලියම් ටේලර් සහ ඇලෙක්ස් ලී යං 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු යොවුන් පිලට ශ්‍රී ලාංකික සම්භවය ඇති දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.