Last Update  :  2025-09-11 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු පිලේ සහාය පුහුණුකරු විටෝරි

ඕස්ට්‍රේලියානු පිලේ සහාය පුහුණුකරු විටෝරි

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් විටෝරි පත්කර තිබේ. මේ වන විට 43 වැනි වියේ පසුවන විටෝරි, ඉදිරියේදී ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ගේ සහයකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

මින් පෙර ඔවුන් දෙදෙනා ඉන්දීය ප්‍රීිමියර් ලීග් තරගාවලියේදී එකම කණ්ඩායමකට ක්‍රීඩා කර ඇති අතර එකම කණ්ඩායමක පුහුණුකරුවන් ලෙසද කටයුතු කර ඇත.

“ඔහුගේ එක්වීම සම්බන්ධයෙන් මම හුඟක් සතුටට පත්වෙනවා. ක්‍රීඩාව පිළිබඳව ඔහුගේ දැනුම සහ ඔහු සතුව ඇති අත්දැකීම් ප්‍රමාණය අති විශාලයි. මම හිතනවා ඔහුගෙන් කණ්ඩායමට ලොකු සේවයි සිදුවෙයි කියලා.” යැයි මැක්ඩොනල්ඩ් මහතා පැවසීය.

ටෙස්ට් තරගවලදී කඩුලු 705 ක් දවාගනිමින් ලකුණු 6989 ක් රැස්කර ඇති විටෝරි, එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී නොටිංහැම්ෂයර් සහ වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම්වලටද ක්‍රීඩා කර ඇත.


-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු පිලේ සහාය පුහුණුකරු විටෝරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.