Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්‍රිස්බේන්හීදී අද (07) පැවැති දෙවැනි තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 110 ක ජයක් ලැබූහ. මෙය 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවේ තරගාවලියකි.
ඕස්ට්‍රේලියාව මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 කින් තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී ලකුණු නවයක් දැවී ලකුණු 172 ක් රැස් කළේය. හර්ෂිතා මාධවී (39) සහ අනුෂ්කා සංජීවනි (36) දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 70 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලට ලකුණු 200 ක් දක්වා ඒමට මඟ පෑදුණි.
හර්ෂිතා මාධවී පන්දු 61 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය. ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකාරිය වන චමරි අතපත්තු පන්දු 23 කින් ලකුණු 14 ක් පමණක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියාය.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු පිලේ රචෙල් හයින්ස් පන්දු පන්දු 132 කින් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 118 ක් රැස්කළාය.
ඕස්ට්‍රේලියානු කාන්තා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 282
(ඇලිස්සා හීලි 69, රචෙල් හෙයින්ස් 118, මැග් ලැනින් 45, අචිනි කුලසූරිය 50/3, සුගන්දිකා කුමාරි 66/2, ශෂිකලා සිරිවර්ධන 41/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 172
(අනුෂ්කා සංජීවනි 36, හර්ෂිතා මාධවී 36, ශෂිකලා සිරිවර්ධන 22, නිලක්‍ෂි ද සිල්වා 25, ජේස් ජොනසන් 31/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.