Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ස්කොට් බේලි)
ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය මත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටළුවක් පැන නැඟී ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ කියති. එහෙත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ගේ තීරණවලට සහයෝගය දක්වමින් සංචාරයට එක්වීමට ද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සූදානමින් සිටිති.
විස්සයි-20, එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම් තුනක් සමගින් පළමු පෙළ තරගාවලියකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමද එම ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අවපාතය මෙන්ම දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් මේ අවස්ථාවේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සදාචාරාත්මක ප්‍රශ්නයක් මතුකරන බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කියති.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන නිලධාරීන් පසුගිය සතියේ ලබාගත් තොරතුරු අනුව ටෙස්ට් සහ සීමිත ඕවර තරගාවලි පැවැත්වීමට තරම් යහපත් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තිබේ. ඒ සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය සොයාබැලීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අයතනයේ නිලධාරීහු කිහිප දෙනෙක්ම අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන්ගේ ප්‍රතිචාර ද සතුටුදායක විය.
වසර 24 කට පසුව, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පාකිස්තානයේ කළ සංචාරයද, ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයකින් තොරව නිමාවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සතුටින් සිටිති. එහෙත් පාකිස්තානයේ ප්‍රශ්න නැතුවාම නොවේ.
එසේ වුවත්, “දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව, ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සදාචාර සම්පන්න නොවේ” යන්න ඇතැම් ක්‍රීඩකයන්ගේ මතය වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාල විදුලි අර්බුදයක් තිබියදී විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 5 ක් පැවැත්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ විමතිය පළකරති. මෙම තරග සියල්ලම දිවා/රාත්‍රී තරග වෙයි.
පවතින විදුලි අර්බුදය හේතුවෙන් මෙම තරග වලින් කිහිපයක් දිවා තරග වශයෙන් පැවැත්වීමට සාකච්ඡා පවත්වා ඇතත් ඒවා සාර්ථක වූ බවක් දැනගන්නට නැත. දැනට ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනක යන්ත්‍රයක් හෝ යොදාගනිමින් දිවා/රාත්‍රී තරග පැවැත්වීමත් අසීරු අභියෝගයක් වී තිබේ.
ක්‍රීඩකයන්ගේ අදහස් සම්බන්ධයෙන් තමන් දන්නා නමුත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සංචාරයෙන් ඉවත්වීමක් එයින් අදහස් නොකෙරෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී, ටොඩ් ග්‍රීන්බර්ග් මහතා කියයි.
“ආහාර මිල ගණන් ඉහළ ගිහින්. දිගින් දිගටම විදුලිය කප්පාදු වෙනවා. ඉන්ධන නෑ.. ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ තිබෙන තත්ත්වය හොඳින්ම දන්නවා. මේ තත්ත්වය අනුව, එහි සංචාරය කිරීමේදී කිසියම් අපහසුවක් දැනෙන එක අරුමයක් නෙමේ. ඇරත් ඒක ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන තත්ත්වයන්ට වඩා හාත්පසින්ම වෙනස්”
“කොහොම වුණත් අපේ ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ ක්‍රීඩා කරන්නයි. ඔවුන් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයෙන් ඒ සම්බන්ධ උපදෙස් ලබාගනීවි” යයිද ග්‍රීන්බර්ග් මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවට කිසියම් ආධාරයක් කිරීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සූදානමින් සිටිති. එහෙත් ශ්‍රී ලංකාවේ දැනට පවතින අර්බුදය මානුෂීය අර්බුදයක් නොවන හෙයින් එවන් ආධාරයක් කිරීමද පහසු නොවේ.
- ස්කොට් බේලි විසින් ඕස්ට්‍රේලියානු ඒකබද්ධ පුවත්පත් සේවයට සැපයූ වාර්තාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.