එක් ඕවරයක පන්දු හයක් තුළදී කඩුලු හයක් දවාගනිමින් වාර්තාවක් තැබීමට වයස අවුරුදු 13 ක එංගලන්ත පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු සමත්වී ඇත. එම කඩුලු හයම දැවී ගොස් ඇත්තේ පන්දුව කඩුල්ලේ වැදීමෙනි.
වයස 13 න් පහළ ක්‍රීඩා සමාජ අතර පැවැති තරගයකදී ෆිලඩෙල්ෆියා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලුක් රොබින්සන් නැමැති මෙම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මෙම දස්කම සිදුකර ඇත.
ලුක් රොබින්සන්ගේ මෙම දස්කමට ඔහුගේ පවුලේ සියලුදෙනාම සාක්ෂි වන අතර ඔහුගේ පියාවන ස්ටෙෆාන් මහතා එම අවස්ථාව හොදින්ම නැරඹූ පුද්ගලයා විය. පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ ලුක් රොබින්සන්ගේ පියාය.
එම තරගයේ ලකුණු සටහන්කරු ලෙස ලුක් රොබින්සන්ගේ මව වන හෙලන් මහත්මිය කටයුතු කර ඇති අතර ඔහුගේ බාල සහෝදරයා වන මැතිව් පන්දු රකිමින් සිට ඇත. හතරේ සීමාවේ සිට ලුක් රොබින්සන්ගේ සීයාද තරගය නරඹමින් සිට ඇත.
“එ්ක විශ්මය ජනකයි” පැවසු ස්ටෙෆාන් රොබින්සන් මහතා, මම අවුරුදු 30 ක් පමණ ක්‍රීඩා කර ඇති අතර කඩුලු ත්‍රිත්වයන් දැක ඇති නමුත් මෙවැනි අවස්ථාවක් කිසිදිනක නොදැක ඇති බව තවදුරටත් පැවසීය.
කාළය නතර වෙලා කියලා මම හිතුවා, මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.