Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම සහ ඕමානය අතර අද (14 වැනිදා) බංග්ලාදේශයේ කොක්ස් බසාර්හිදී පැවැති එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ඕමානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය ඕමාන ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූරණ කළහ.
ආරම්භක පිතිකරු ජතින්දර් සිං පන්දු 150 කදී හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 131 ක් රැස්කරමින් ඕමාන ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. සුරාජ් කුමාර් (70) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 156 කදී ලකුණු 148 ක සම්බන්ධතාවක් ගොඩනමින් ජතින්දර්, ඕමාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
පන්දු 77 කදී වාර්තා වූ සුරාජ්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් නසීම් කුෂී, එහිදී වේගවත් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ අමිල අපොන්සු ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ නමුත් සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම ඕමාන පිතිකරුවන්ගෙන් දැඩි පහර කෑමට ලක් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් අර්ධ ශතක ලබාගැනීමට නායක චරිත් අසලංක (57) සහ අෂේන් බණ්ඩාර (62) සමත් වූහ.
පන්දු 65 කදී වාර්තා වූ අසලංකගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 51 කදී වාර්තා වූ බණ්ඩාරගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා නැගී එන ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූහ.
ආම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (40) සහ මිනෝද් භානුක (33) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 58 ක සමබන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගද, භානුක හතරේ පහර 6 ක් සමගද ලකුණු රැස්කළහ.
ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 268
(පැතුම් නිස්සංක 40, මිනෝද් භානුක 33, කමිඳු මෙන්ඩිස් 17, චරිත් අසලංක 57, සම්මු අෂාන් 15, අෂේන් බණ්ඩාර 62, රමේෂ් මෙන්ඩිස් 28, මොහොමඞ් සනුත් 41/3, ජේ ඔඩෙඩ්‍රා 52/2)
ඕමාන පිල - ඕවර 48.5 කදී කඩුලු 6 ක් දැවී 269
(මොහොමඞ් සනුත් 19, ජතින්දර් සිං නොදැවී 131, සුරාජ් කුමාර් 70, නසීම් කුෂී 21, අමිල අපොන්සු 40/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.