Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඔලී වෙනුවට ඩොමිනික්

ඔලී වෙනුවට ඩොමිනික්

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර තරග තහනමක් පැණවිම හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අහිමිවූ ඔලී රොබින්සන් වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් එංගලන්ත සංචිතයට කැඳවා ඇත.

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් සම්බන්ධ මතභේදය එංගලන්ත ක්‍රීඩකයින් අතර නොසන්සුන්තාවයක් ඇති කර තිබේ. ඔලී රොබින්සන්ට පැනවූ ජාත්‍යන්තර තරග තහනම සම්බන්ධයෙන් එංගලන්තයේ සංස්කෘතික සහ ක්‍රීඩා ලේකම්වරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවා අප්‍රසාදය පළකර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මතයට එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මහතා සිය සම්පූර්ණ එකඟතාව පළකර තිබේ.

රොබින්සන් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පළමු දිනයේදීම 2012 සිට ඔහුගේ පැරණි ට්වීටර් පණිවුඩයක්  සමාජ මාධ්‍යවල යළිත් මතුවීම නිසා ඔලී රොබින්සන්ට මේ වන විට සියලුම අන්තර්ජාතික තරග තහනම් කර තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔලී සමාව අයැද සිටියේය.

මේ අතර නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතයට ඩොම් බෙස් ඇතුළත් කිරීමෙන් පැය කිහිපයකට පසුව ඔහු සිය ට්විටර් ගිණුම අක්‍රිය කර ඇති බවද දැනගන්නට ඇත.

“ඩොම් බෙස් සිය ට්විටර් ගිණුම අක්‍රිය කර ඇත. මෙම අමුතු පුද්ගලයින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැරණි සටහන් හරහා ආපසු යාමට උත්සහ කරනවා නම්, ඔහු එසේ කරන අන්තිමයා නොවනු ඇතැයි මම සැක කරනවා. එවිට ක්‍රීඩකයන් සමඟ සෘජුව මැදිහත් වීමේ අවස්ථාව රසිකයින්ට අහිමි වෙනවා. එය පාඩුවක් යැයි මම සිතනවා” යැයි සුප්‍රසිද්ධ මාධ්‍යවේදීනි එලිසබෙත් අමෝන් මහත්මිය ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් කර ඇත.

දැනටමත් ජැක් ලීච් එංගලන්ත සංචිතයේ සිටින බැවින් ඩොම් බෙස් සංචිතයට ඇතුළත් කිරීම බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ. පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම සම්පූර්ණ වේග පන්දු යවන්නන් සමගින් ඉදිරියට යාමට තීරණය කළ බැවින් දඟ පන්දු යවන්නකු භාවිතා නොකළේය. කවුරුන්හෝ ආබාධයන්ට ලක්වුවහොත් ඔහු ආදේශකයක් ලෙස කණ්ඩායමට එක් කරන බව බෙස් ඇතුළත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසුවේය.

“අපි ඩොමිනික් එකතු කිරීමට හේතුව අපට අවශ්‍ය ඕනෑම ආදේශකයක් අප සමඟ තිබිය යුතු නිසයි. ජැක්ට පන්දුවක් හිසේ වැදීමෙන් කණ්ඩායමේ ඉවත් වෙන්න සිදුවුවහොත් ඒ හා සමාන ක්‍රීඩකයකු ඔහු වෙනුවෙන් ආදේශ කරන්න අවශ්‍ය වෙනවා. දෙවැනි ටෙස්ට් තරගයට අපි දඟ පන්දු යවන්නෙකු එක් කිරීමට බලාපොරොත්තු වන අතර ජැක් තරගය අතරතුර තුවාල ලැබුවහොත්, අපට තවත් අයෙකු අවශ්‍ය වෙනවා. අප එය ආවරණය කිරීමට වග බලා ගත යුතුයි,” යැයි එංගලන්ත පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.


- 2079


අදහස් (0)

ඔලී වෙනුවට ඩොමිනික්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.