Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඔලී රොබින්සන් නිදහස්

ඔලී රොබින්සන් නිදහස්

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතිවාදී හා ලිංගිකත්වය පදනම් කරගනිමින් මීට වසර ගණනාවකට පෙර ට්විටර් සමාජ ජාලයේ පළකර තිබූ සටහන් පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකින් පසුව එංගලන්ත සහ සසෙක්ස් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට නිදහස හිමිවී ඇත.

2012 සිට 2014 දක්වා කාලය තුළ ද්වේශ සහගත ට්විටර් සටහන් ගණනාවක් පළකිරීම හේතුවෙන් ඔහුට තරග අටක තහනමක් පනවා ඇති අතර ඉන් තරග 5 ක් වසර දෙකකට අත්හිටුවා ඇති බව ක්‍රිකට් විනය කොමිසම නිවේදනය කළේය. කෙසේ වෙතත්, එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් රොබින්සන්ට තරග තහනමක් පැනවීම හේතුවෙන් ටෙස්ට් තරගයක් සහ ප්‍රාන්ත තරගාවලියේ විස්සයි20 තරඟ දෙකක් අහිමීවීම සැලකිල්ලට ගෙන ඔහුට වහාම ක්‍රීඩා කිරීමට නිදහස ලබා දී ඇත.

ත්‍රිපුද්ගල ක්‍රිකට් විනය කොමිසමක් විසින් මෙම තීන්දු ගෙන තිබූ අතර, ඔහුට පවුම් 3,200 ක දඩයක් නියම කෙරිණ.

මේ වනවිට 27 හැවිරිදි ඔලී රොබින්සන්, වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයස්වල සිටියදී පළ කරන ලද අපහාසාත්මක ට්විටර් සටහන් ගණනාවක් සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ විනය නිතී දෙකක් උල්ලංඝනය කර ඇති බව පිළිගෙන තිබේ.

රොබින්සන් එංගලන්තය වෙනුවෙන් සහභාගිවූ මංගල ටෙස්ට් තරඟයේ ආරම්භක දිනය වූ ජුනි 2 වනදා මෙම ට්විටර් පණිවිඩ පිළිබඳව අනාවරණය විය.

රොබින්සන්ගේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට දශකයකට පෙර පළකරන ලද ට්විටර් සටහන් මගින් තමන් පළකල අපහාසාත්මක වචන වලට ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව තම කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් සමාව අයැද සිටියේය.

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් ඔහුට පනවා තිබූ තහනම හේතුවෙන් රොබින්සන් සසෙක්ස් කණ්ඩායමේ තේරීම් වලින්ද ඉවත්කර තිබුණි.

- 2079


අදහස් (0)

ඔලී රොබින්සන් නිදහස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.