Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
චමිඳු වික්‍රමසිංහගේ විශිෂ්ට දස්කම් හමුවේ කොළඹ එස්.එසි.සී. පිටියේදී අද (7 වැනිදා) පැවැති ‘බී’ තලයේ විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී යුද හමුදාව පරදවා කඩුලු 7 ක පහසු ජයක් අත්කරගත් එස්.එස්.සී. ක්‍රීඩකයෝ සඳුදා (9 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
දැන් පැවැත්වෙන මැලේ ක්‍රිකට් සමාජය සහ රාගම පිල අතර තරගයේ ජයග්‍රාහකයන් සහ එස්.එස්.සී. කණ්ඩායම 9 වැනිදා කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී මුණ ගැසෙනු ඇත.
යුද හමුදා පිලට එරෙහිව අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී. කණ්ඩායම කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ගිෂාන් බාලසූරිය (19/3) සහ චමිඳු වික්‍රමසිංහ (30/2) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඕවර 10 ක් නිමාවන විටත් යුද හමුදා කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 56 ක් පමණි.
පන්දු 37 කින් ලකුණු 29 ක් ලබාගත් සුකිත දෙව්තිළිණ, ලකුණු 100 කඩඉමෙන් කණ්ඩායම එතෙර කළ නමුත් යුද හමුදා කණ්ඩායම ලකුණු 139 දී නතර විය.
ආරම්භ පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චමිඳු වික්‍රමසිංහ හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 33 කින් ලකුණු 38 ක් ලබාගත්තේ තරගයට නියමිත තාලය තහවුරු කරමිනි. 12 වැනි ඕවරය නිමාවේදී චමිඳු දැවී ගිය නමුත් පිතිකරු ලයිස්තුවේ මැදින් පැමිණි අවිශ්ක ප්‍රනාන්දු (නොදැවී 34) සහ නායක චරිත් අසලංක (නොදැවී 21) කලබලයකින් තොරවම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
පන්දු 22 කට මුහුණ දුන් අවිශ්කගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර දෙකකින් සමන්විත වූ අතර ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා හයේ පහර දෙකක් සහ හතරේ පහරක් ද සමගින් පන්දු 11 කින් ලකුණු 21 ක් ලබාගත්තේය.
යුද හමුදාව - ඕවර 20 කදි කඩුලු 8 ට 139 යි
(ඉෂාර මෙන්ඩිස් 14, හර්ෂජිත් රුෂාන් 11, සුඛිත දෙව්තිළිණ 29, ෂෙහද සොයිසා 29, මල්ක මධුශංක 18, ප්‍රමෝද් මධුෂාන් 36/2, චමිඳු වික්‍රමසිංහ 30/2, ගිෂාන් බාලසූරිය 19/3)
එස්.එස්.සී. - ඕවර 15.4 කදී කඩුලු 3 ක් දැවී 142 යි
(චමිඳු වික්‍රමසිංහ 38, ක්‍රිෂාන් සංජුල 20, දසුන් ශානක 24, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 34, චරිත අසලංක නොදැවී 21, තීක්‍ෂණ වික්‍රමසිංහ 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.