Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල් ජූලි 30 දා සිට

එල්.පී.එල් ජූලි 30 දා සිට

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කලින් සූදානම් කළ පරිදිම ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. කණ්ඩායම් 5 කින් සමන්විත තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය.

කෙසේ වෙතත් තරගාවලියේ තරග පැවැත්වෙන්නේ කුමන ක්‍රීඩාංගණවලදීද යන්න තවමත් තහවුරු කර නැත. එහි තරග කාලසටහන පසුව නිකුත් කිරීමට නියමිතය.

“මේ තරගාවලිය කල් යනවා කියා පසුගිය දිනවල වාර්තා වුණා. ඒත් තරගාවලිය කල්යන්නේ නෑ. මොකද තරගාවලිය කල් දැම්මොත් අපේ අනුග්‍රාහකයන් වගේම ක්‍රීඩකයන් හා සහාය නිලධාරීන් පවා තම තමන්ගේ කාලසටහන් වෙනස් කරනවා... ඒ නිසා මේ තරගාවලිය කල් යන්නේ නෑ” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

මෙම තරගාවලියේ පළමුවැන්න පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට විදෙස් රටවල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සහභාගි වූහ. යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම විසින් එහි ශූරතාව දිනාගන්නා ලදි.

නරඹන්නන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැති එම තරගාවලිය රූපවාහිනිය සහ විද්යුත් මාධ්‍ය ඔස්සේ නැරඹීමට ලෝකය පුරා ක්‍රිකට් ලෝලී පිරිසක් එක්ව සිටියහ. අවසන් මහ තරගය නැරඹූ පිරිස මිලියන 135 කි.

පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් ජෛව ආරක්ෂක බුබුලු යොදාගනිමින් තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ සියලුම සංවිධාන කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ පරිදි සකස් කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

- 213

 


අදහස් (0)

එල්.පී.එල් ජූලි 30 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.