Last Update  :  2025-07-30 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සිකුරාදා

එල්.පී.එල්. ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සිකුරාදා

editorial - 2021 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 ලීග් තරගාවලිය වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ට ලංසු කැඳවෙන වෙන්දේසිය සිකුරාදා (05 වැනිදා) පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

විදේශ ක්‍රීඩකයින් 300 ක් සහ දේශීය ක්‍රීඩකයින් 300 කින් සමන්විත ක්‍රීඩකයින් 600 ක් ඉදිරිපත් වන මෙම වෙන්දේසිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ඒ සඳහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පමණක් මෙම ක්‍රීඩකයන් ලංසු කැඳවන වෙන්දේසිය පැවැත්වේ.

‘දේශීය සහ විදේශීය සුවිශේෂී ක්‍රීඩකයා’, ‘දේශීය සහ විදේශීය දියමන්ති ක්‍රීඩකයා’, ‘දේශීය සහ විදේශීය රන් ක්‍රීඩකයා’ සහ ‘දේශීය සහ විදේශීය ක්ලැසික් ක්‍රීඩකයා’ යන ක්‍රීඩක කාණ්ඩ කිහිපයක් ආවරණය වන පරිදි වට 20 කින් මෙම ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සමන්විත වේ.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හදුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ‘දේශීය නැගී එන’ සහ ‘දේශීය අතිරේක’ යන කාණ්ඩ යටතේ තව වට 2 ක් ද පැවැත්වේ.

දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එක් කණ්ඩායමකට හිමිවනු ඇත. 

කණ්ඩායමේ අවශ්‍යතාවය මත පෙර වසරේ සංචිතයෙන් ක්‍රීඩකයින් 08 දෙනෙකු (දේශීය 4 ක් සහ විදේශීය 4 ක්) රඳවා ගත හැකි අතර, ඉතිරි ක්‍රීඩකයින් එළඹෙන වෙන්දේසීයෙන් තෝරා ගත යුතුය.

තරගාවලියේ පළමු වටය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් වටය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

2079

 


අදහස් (0)

එල්.පී.එල්. ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය සිකුරාදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.