Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ආයෙත් කල්යයි

එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ආයෙත් කල්යයි

editorial - 2020 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරස් වසංගත තත්වය හේතුවෙන් අද (9 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පැය 72 ක් වැනි කෙටි කාලයක් තුල කොළඹ අගනුවර නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 1000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමගින් ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක් නිරෝධායන ඇදිරි නිතීය දමා වසා ඇති අතර මහජන රැස්වීම් තහනම් කර තිබේ. වර්තමාන සෞඛ්‍ය තත්වය හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය සැලසුම් කළ පරිදි ඉදිරියට නොයනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ක්‍රීඩක වෙන්දේසිය යළිත් මේ මස 19 පැවැත්වීමට තීරණය කර තිබුනද ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය තත්වය සමීපව අධීක්ෂණය කිරීම අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ තරගාවලිය නොවැම්බර් 14 දක්වාත් පසුව නොවැම්බර් 21 දක්වාත් කල් දමන ලදී.

- 2079


අදහස් (0)

එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ආයෙත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.