
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩිකාවෝ ඊයේ (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය එළඹෙන 19 වැනි දින සිට 28 දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම ක්‍රීඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත වී තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.