Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩකයෝ ඕවර 28.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ධනූජ ඉඳුවර පන්දු 88 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායමට නදීර බාලසූරිය ප්‍රමුඛ පොලිස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 37.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ නදීර ලකුණු 26 කඩුලු 4 ක් දවාගත් අතර චාරුක ප්‍රමෝද් සහ මංජුල චන්තුක කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.
එන්.සී.සී. පිල - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 143
(ජීවක සෂින් 18, සහන් ආරච්චිගේ 43, දිනෙත් ගුණවර්ධන 22, රවීන් සේයර් 16, නදීර බාලසූරිය 26/4, චාරුක ප්‍රමෝද් 11/2, මංජුල චන්තුක 20/2)
පොලිස් පිල - ඕවර 28.3 කදී කඩුලු 2 ක් දැවී 144
(ධනූජ ඉඳුවර නොදැවී 61, චතුරංග ජයතිලක 38, විෂාද් රන්දික නොදැවී 30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.