Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් මාස කිහිපයක් පමාවූ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය, මේ මස 30 වැනිදා ආරම්භ වේ. එංගලන්තය සහ අයර්ලන්තය අතර සදම්ප්ටන්හිදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් මෙම තරගාවලිය ආරම්භවනු ඇත.
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 13 ක් තරග කරන අතර ඒ සඳහා පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12 සහ 2015-17 අයි.සී.සී. ලෝක ක්‍රිකට් සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකරගත් නෙදර්ලන්තය සුදුසුකම් ලබා සිටිති.
ස්ථීර කාළ රාමුවක් තුල තරග තුනකින් සමන්විත එක්දින තරගාවලි 4 ක් විදෙස් රටකදීද, තවත් තරගාවලි 4 ක් මව්බිමේදීද ක්‍රීඩා කළ යුතුව ඇත. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා රටවල් 7 ට අමතරව තරගාවලියට සත්කාරකත්වය දරන ඉන්දියාවද 2023 ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.
ජයග්‍රහණයකදී ප්‍රසාද ලකුණු 10 ක් පිරිනැමෙන අතර තරගයේ ලකුණු සමවීමකදී, තරගයේ ප්‍රතිඵලයක් නොමැති විට, තරගය අතහැර දැමීමකදී ප්‍රසාද ලකුණු 5 බැගින් කණ්ඩායම් දෙකට ප්‍රදානය කරන ලැබේ.
කොරෝනා වසංගතයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් තරග සංවිධානය කිරීමේ පිරිවැය ඉහළ යනු ඇතත් සුපර් ලීග් තරගාවලිය පැවැත්වීමේදී ආරක්ෂිතව හා ප්‍රායෝගිකව තරග දිනයන් සොයා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් කටයුතු කරමින් සිටින බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා පවසයි. ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේදී ක්‍රීඩකයන්ගේ සහ තරඟ සඳහා සහභාගී වන අනෙකුත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත යුතු පූර්වාරක්ෂාවන් වෙනුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බව ඇලාර්ඩිස් මහතා මාධ්‍යවේදීන් පිරිසකට වීඩියෝ ඇමතුමකින් පැවසීය.
සමහර රටවල් මේ වන විටත් ක්‍රිකට් නැවත ආරම්භ කරමින් සිටින අතර අනෙක් රටවල් රජයේ අවසරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇලර්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.
තම රටෙහි පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා දේශීය විනිසුරුවන්ට ඉඩ දීම වැනි වියදම් අඩු කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, දැනටමත් පොරොන්දු වී ඇති දේට වඩා ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් විශේෂ ගෙවීම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිදු සැලසුමක් ගෙන නොමැති බවත් ඇලර්ඩිස් මහතා පැවසීය.
මින් පෙර පැවැති සුදුසුකම් ලැබීමේ ක්‍රමය යටතේ, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළම කණ්ඩායම් අට සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉහළම කණ්ඩායම් දෙක සමගින් කණ්ඩායම් 10 ක් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී විය. 2019 වසරේදී එංගලන්තයේ පැවැති ලෝක කුෂලාන තරගාවලිය පැවැත්වූයේ එම පදනම මත සිටිමිනි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම කණ්ඩායම් 9 සමගින් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය අරඹා වසරකට පමණ පසුව අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය ආරම්භ වන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.