Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති කාන්තා එක්දින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී තිබේ. කොළඹ එස්.එස්.සී. පිටියේදී පසුගිය බ්‍රහස්පතින්දා (4 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූ ලකුණු 58 ක ජයත් සමගින් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 2022-25 කාන්තා ශූරතාවලියට ඇතුළත් මෙම තරගාවලියේ පළමු තරග දෙකම වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. එබැවින් එම තරග දෙකේම ප්‍රසාද ලකුණු දෙපිලට බෙදී ගිය අතර තුන්වැනි තරගයේ සම්පූර්ණ ප්‍රසාද ලකුණු ශ්‍රී ලංකාවට හිමිවිය.

මේ වන විට ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, තරග 9 කට පසුව, 2022-25 කාන්තා ශූරතාවලි ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයට පැමිණ සිටී. ඉන්දියාව (12), පාකිස්තානය (10), නවසීලන්තය (8) සහ ඕස්ටේ්‍රලියාව (6) ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින කණ්ඩායම් වෙති. ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 6 ක් බැගින් ලබා සිටින නමුත් ඕස්ටේ්‍රලියානු කාන්තාවන් ප්‍රසාද ලකුණු 6 ක් ලබා ඇත්තේ තරග 3 කට පමණක් සහභාගි වීමෙනි.

තරගාවලියේ මූලික කාලසටහන අනුව මැයි 2 වැනිදා පැවැති තරගය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය බැවින් එම තරගය පසුගිය 4 වැනිදා එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන එකඟ වූහ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 2022-25 කාන්තා ශූරතාවලියේ කොන්දේසි අනුව අතහැර දමන ලද තරගයක් නැවත පැවැත්වීමට අවසර නැති අතර 4 වැනිදා පැවැති තරගය තුන්වැනි එක්දින තරගය ලෙසින් සලකන ලදින්, එක්දින තරගාවලියේ ජය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තාවන්ට හිමිවිය.


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.