Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම ඊයේ (21 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද එක්සත් අරාබි එමීර් කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ, පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ අලිෂාන් ශාරාෆු පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය කරා ගෙන ගියේය.
අසීෆ් අලී (නොදැවී 41) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 87 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් අලිෂාන්, එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 26 කට මුහුණදුන් අසීෆ්ගේ ඉනිමට හයේ පහර 5 ක් අන්තර්ගත විය. ආරම්භක පිතිකරු මුහම්මද් සොහේබ් පන්දු 23 කින් ලකුණු 29 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ටැන්සිඩ් හසන් පන්දු 18 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. ජාකීර් අලී පන්දු 34 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ හයිදර් අලී නිලකුණු ඕවරයක්ද යවමින් සිය ඕවර 4 ලකුණු 7 කට සීමා කළේ කඩුලු 3 ක්ද දවාගනිමිනි. බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරම සඳහා ඔහුට සහාය දුන් සඝීර් ඛාන් සහ මතිවුල්ලා ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 9 කට 162
(ටැන්සිඩ් හසන් 40, ලිටන් දාස් 14, ජාකීර් අලී 41, හසන් මහමුද් නොදැවී 26, ශෙරිෆුල් ඉස්ලාම් නොදැවී 16, හයිදර් අලී 07/3, සඝීර් ඛාන් 36/2, මතිවුල්ලා ඛාන් 41/2)
එක්සත් අරාබි එමීරය - ඕවර 19.1 කදී කඩුලු 3 කට 166
(මුහම්මද් සොහේබ් 29, අලිෂාන් ශරාෆු නොදැවී 68, අසීෆ් ඛාන් නොදැවී 41)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.