Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයේ වැඩිම තරග වාර්තාව ඇන්ඩර්සන්ගෙන්

එංගලන්තයේ වැඩිම තරග වාර්තාව ඇන්ඩර්සන්ගෙන්

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී අද (10 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයට එක්වූ ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගිවූ ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය. මේ වනවිට 38 වැනි වියෙහි පසුවන ඇන්ඩර්සන් ටෙස්ට් තරග 162 කට සහභාගිවෙමින් හිටපු නායක ඇලෙස්ටයාර් කුක්ගේ වාර්තාව පසුකර යෑමට සමත්විය.

2003 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ඇන්ඩර්සන් මේ වනවිට කඩුලු 616 ක් දවාගනිමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවටද පත්ව ඇත. ලෝකයේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයන් අතර හත්වැනි ස්ථානයට පත්ව ඇති ඇන්ඩර්සන් වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ වේගපන්දු යවන්නා බවට පත්ව සිටී. 

ලොව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර සිව්වැනි ස්ථානය ගෙන ඇති ඔහු වැඩිම කඩුලු දවාගත් වේගපන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමටද සමත්ව ඇත.

බදාදා (9 වැනිදා) රාත්‍රියේදී හිටපු නායක කුක් තමාට දුරකතනයෙන් කථාකර සුබ පැතූ බව ඇන්ඩර්සන් හෙළි කළේය. එමෙන්ම අද තරගයට ක්‍රීඩා කිරීමට පෙර එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයන් විසින් පිටුපස අංක 162 සහිත විශේෂ කමිසයක් ඔහුට පිළිගන්වා ඇත.

වසර 18 කට පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් ඇන්ඩර්සන් නායකයන් 8 දෙනෙකු යටතේ ක්‍රීඩාකර ඇත. ටෙස්ට් කඩුලු 383 ක් දවාගනිමින් ශ්‍රීමත් ඉයන් බොතම් විසින් එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගැනීමේ වාර්තාව 2015 දී බිඳ දැමීමට ඇන්ඩර්සන් සමත්විය.

එංගලන්තය වෙනුවෙන් කඩුලු ටෙස්ට් කඩුලු 400 සහ 500 සීමාවන් පසුකළ පළමු පන්දු යවන්නා ද ඇන්ඩසන් වන අතර කඩුලු 600 සීමාව පසුකළ ලොව පළමු වේගපන්දු යවන්නාද වන්නේය. 2009, 2010-11, 2013 සහ 2015 වර්ෂ වලදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව අළුබඳුන දිනාගත් එංගලන්ත කණ්ඩායමේද ඇන්ඩර්සන් සාමාජිකයෙකි.

ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් තරග 200 ක් ක්‍රීඩාකරමින් ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ ක්‍රීඩකයා වී සිටී. එමෙන්ම ඇන්ඩර්සන්ට තවත් තරග 7 ක් තරග කිරීමට හැකිවුවහොත් ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ සිටින රිකී පොන්ටිං අභිබවා යා හැකිවනු ඇත. 

පළමුපෙළ කඩුලු 1000 සම්පූර්ණ කිරීම සඳහා ඇන්ඩර්සන්ට ලබාගැනීමට ඇත්තේ තවත් කඩුලු 6 ක් පමණි.

 - 2079

 


අදහස් (0)

එංගලන්තයේ වැඩිම තරග වාර්තාව ඇන්ඩර්සන්ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.