Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය සාර්ථක පිළිතුරකට සැරසෙයි

එංගලන්තය සාර්ථක පිළිතුරකට සැරසෙයි

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර රාජ්කොට්හි සෞරාෂ්ඨ ක්‍රිකට් විද්‍යායතන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (16 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය කඩුලු 8 ක් ඇතැතිව ඉන්දියාවට වඩා තවත් ලකුණු 238 ක් පසුපසින් සිටි අතර ඒ වන විට ආරම්භක පිතිකරු බෙන් ඩුකට් හයේ පහර 2 ක් සහ හතරේ පහර 21 ක් සමග නොදැවී ලකුණු 133 ක්ද, ජෝ රූට් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 9 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
 
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් සැක් ක්‍රොව්ලි (15) සමග එක්ව ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩුකට්, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔලී පෝප් (39) සමග එක්ව ලකුණු 93 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පෝප්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

පළමු දිනය වූ ඊයේ (15 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් ලබා සිටි ඉන්දියාව, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 119 ක් එක්කර ගත්තේය. එහිදී ඉන්දියාව වෙනුවෙන් රවින්ද්‍ර ජදේජා (112) සිය 4 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සර්ෆරාස් ඛාන් (62) වේගවත් අර්ධ ශතකයක් ලබාගත්තේය. 


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 445
(රෝහිත් ශර්මා 131, රවින්ද්‍ර ජදේජා 112, සර්ෆරාස් ඛාන් 62, ධෘව් ජුයෙල් 46, රවිචන්ද්‍රන් අෂ්වින් 37, ජස්ප්‍රීට් බුම්රා 26, මාක් වුඞ් 114/4, රෙහාන් අහමඞ් 85/2)

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 207 
(බෙන් ඩුකට් නොදැවී 133, ඔලී පෝප් 39) 

-036  


අදහස් (0)

එංගලන්තය සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.