සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර එංගලන්තයේ ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (28 වැනිදා) තරගය තනර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 5 ක් ලබා සිටියේය.
ඒ අනුව කොදෙව් කණ්ඩායම, එංගලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 317 ක් පසුපසින් සිටින අතර අද තරගය නතර කරන විට ආරම්භක පිතිකරුවන් වන ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ලකුණු 4 ක්ද, කිරන් පවෙල් එක් ලකුණක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. හෙට (29 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
තරගයේ පළමු දිනය වූ (27 වැනිදා) ඊයේ තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 256 ක් එක්කර ගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා කොදෙව් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
එහිදී මාර්ක් ස්ටෝන්මන් (52), ජෝ රූට් (72), ඬේවිඞ් මෙලන් (61), බෙන් ස්ටොක්ස් (58), මුයින් අලී (84) සහ ක්‍රිස් වෝක්ස් (නොදැවී 61) අර්ධ ශතක ලබාගනිමින් එංගලන්තය ඉනිම ශක්තිමත් කළහ.
එංගලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 258
(මාර්ක් ස්ටෝන්මන් 19, ජෝ රූට් 59, බෙන් ස්ටොක්ස් 100, මුයින් අලී 22, ක්‍රිස් වෝක්ස් 23, ශැනොන් ගේබි්‍රයෙල් 51/4, කේමර් රෝච් 71/4)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 427
(ක්‍රෙග් බ්‍රැත්වයිට් 134, ශායි හෝප් 147, ජර්මියන් බ්ලැක්වුඞ් 49, ජේසන් හෝල්ඩර් 43, ජේම්ස් ඇන්ඩසන් 76/5, බෙන් ස්ටොකස් 63/2)
එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 490
(ඇලිස්ටෙයාර් කුක් 23, මාර්ක් ස්ටෝන්මන් 52, ජෝ රූට් 72, ඬේවිඞ් මෙලන් 61, බෙන් ස්ටොක්ස් 58, ජොනී බෙයාස්ට්‍රෝ 18, මුයින් අලී 84, ක්‍රිස් වෝක්ස් නොදැවී 61, ස්ටුවට් බ්‍රෝඞ් නොදැවී 14, රොස්ටන් චේස් 86/3, ජේසන් හෝල්ඩර් 95/2, ශැනෝන් ගේබි්‍රයල් 125/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 5
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.