එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලීඞ්ස්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට අද (27 වැනිදා) තරගය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 171 ක් රැස්කරගෙන සිටියේය. ජෝ රූට් ලකුණු 45 ක් සහ ඩාවිඞ් මාලන් ලකණු 21 ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු දෙකක් ඉදිරියෙන් පසුවන්නට එංගලන්තය සමත්වී ඇත.
දෙවැනි ඉනිම ආරම්භ කරනවිට ලකුණු 169 ක් පසුපසින් සිටි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 94 කට දවාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. මාර්ක් ස්ටෝන්මෑන් ලකුණු 52 ක් රැස්කර සිටියදී ශැනන් ගේබි්‍රයල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
ඊයේ දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 329 ක් රැස්කරගෙන සිටි කොදෙව් පිල අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 427 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 147 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ශායි හෝප්ට අද දිනයේදී ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලබානොදීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය.
ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 76 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.