Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පිලට දඩ

එංගලන්ත පිලට දඩ

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මන්දගාමී ‍පන්දු යැවීමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් එංගලන්තයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 40% ක දඩයක් නියම කර තිබේ.

නියමිත වේලාව තුළදී යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් පසුපසින් සිටීම නිසා එංගලන්ත කණ්ඩායමට මෙම දඩ මුදල ගෙවීමට සිදුව තිබේ.

තරගයේ පළමු දින‍යේදී අතිරේක පැය භාගයක කාලයද ක්‍රීඩා කළ නමුත් එංගලන්ත කණ්ඩායමට එහිදී යැවිය හැකි වූයේ ඕවර 86 ක් පමණි. තරගය අතරමැදි දිනවලදි වර්ෂාවෙන් පීඩාවට පත්වූ නවසීලන්ත ක්‍රීඩකයන්ට එය දැඩි බලපෑමක් එල්ල කළේය.

තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් වූ මයිකල් ගෆ් සහ රිචඩ් කෙට්ල්බරෝ, තෙවැනි විනිසුරු රිචඩ් ඉලිංග්වර්ත් සහ සිවුවැනි විනිසුරු මයික් බර්න්ස් යන මහත්වරු මේ බව පැමිණිළි කිරීමෙන් අනතුරුව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා එංගලන්ත කණ්ඩායමට එම දඩ මුදල නියම කළේය.

එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් වරද පිළිගත් බවත්, ඔවුන්ට එරෙහිව නියම කළ දඩ මුදල ගෙවීමට එකඟ වූ බවත් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාව කියා සිටියේය.


-036


අදහස් (0)

එංගලන්ත පිලට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.