Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උමාර් අක්මල්ට වසර 3 ක තහනමක්

උමාර් අක්මල්ට වසර 3 ක තහනමක්

editorial - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දූෂිත පුද්ගලයන් සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් බලධාරීන්ට වාර්තා නොකිරීම නිසා, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම යටතේ චෝදනා එල්ල කර තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට උමාර් අක්මල් ඉල්ලා නොසිටීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම කාරණාව විනය කමිටු සභාපතිවරයා වෙත යොමු කරන ලදි. පසුව මෙම තහනම පණවනු ලැබිණ. ඒ අනුව ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා සහභාගිවීම වසර තුනකට තහනම් වනු ඇත.

“නැගී එන ක්‍රීඩකයකු තරග කිරීම සඳහා සුදුසු නොවන බව ප්‍රකාශයට පත්කිරීම බලධාරීන්ට කිසිම ආකාරයක සතුටක් නෙමේ.... ඒත් මේ වෙලාවේදී මම කියන්න ඕනේ.. මේ වගේ දූෂිත පුද්ගලයන්ගෙන් ඈත් වෙලා ඉන්න ක්‍රීඩකයන් දැනගන්න ඕනා. එහෙම අය එනවා නම් වහාම ඒ අය ගැන ක්‍රිකට් බලධාරීන් රපෝර්තු කරන්නත් ඕනා” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී සහ ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යක්‍ෂවරයා වන අසිෆ් මොහොමඞ් මහතා පැවසීය.

පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ සහෝදරයන් තිදෙනාගෙන් බාලයා වන අක්මාල් වයස අවුරුදු 19 දී (2009) ටෙස්ට් ශතකයක් රැස් කළ අතර ටෙස්ට් තරග 16 ක්, එක්දින තරග 121 කට සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 84 කට ක්‍රීඩා කර තිබේ. එහෙත් මෑතකදී ජාත්‍යන්තර පිටියේ දක්නට නොවූ අක්මාල් යෝග්‍යතා පරීක්ෂණ අසමත් වීම සහ එවකට පුහුණුකරුවා වූ මිකී ආතර් විවේචනය කිරීම හේතුවෙන්ද 2017 දී තරග තුනක තහනමකට ලක්වීම ඇතුළු විනය ගැටලු කිහිපයකට මුහුණ දුන්නේය.

වසර දෙකකට පසුව 2019 දී පාකිස්තානු කණ්ඩායමට අක්මාල් නැවත කැඳවනු ලැබූ අතර ඔහු අවසන් වරට ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි-20 තරග දෙකකට සහභාගී වූවද එම තරග දෙකේදීම පළමු පන්දුවලදීම දැවී ගියේය.

- 2079


අදහස් (0)

උමාර් අක්මල්ට වසර 3 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.