Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උතුරු දිස්ති‍්‍රක් පිලට කඩුලු 7 ක ජයක්

උතුරු දිස්ති‍්‍රක් පිලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය වන ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිල සහ නවසීලන්තයේ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර අද (13 වැනිදා) තරගය වර්ෂාවෙන් පිටිය තෙතබරිත වීම නිසා ඕවර 10 කට සීමා විය.

පළමුව පන්දුවට පහරදුන් සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම ඕවර 10 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 92 ක් රැස්කළේය. එහිදී කුසල් පෙරේරා ලකුණු 37 ක්ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 39 ක්ද ලබාගත්හ.

ජයග‍්‍රාහී ලකුණු 93 ක ඉලක්කයක් කරා හඹාගිය උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායම ඕවර 9.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 96 ක් ලබාගනිමින් කඩුලූ 7කින් ජයග‍්‍රහණය කළේය. උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායමේ කේන් විලියම්සන් ලකුණු 52 ක් ලබාගැනීමට සමත් විය.

 

සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම  ඕවර 10 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 92

(කුසල් පෙරේරා 37, ධනුෂ්ක ගුණතිලක 39, ටෙ‍්‍රන්ට් බෝල්ට් 12/2)

උතුරු දිස්ති‍්‍රක් කණ්ඩායම  ඕවර 9.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 96

(කේන් විලියම්සන් 52,  ඇන්ටන් ඩෙව්සිච් 14, ඩැනියෙල් ෆ්ලින් 14,  ෆර්විස් මහරුෆ් 14/2)

 


- 036

 


අදහස් (0)

උතුරු දිස්ති‍්‍රක් පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.