අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ඉසිපතන විදුහලේ සචිත් ජයසූරිය කොළඹ සහිරා විදුහලට එරෙහිව ලකුණු 118 ක් ලබාගත්තේය. ඉසිපතන විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගය අද (27 වැනිදා) සහීරා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් සහිරා විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළ අතර සියලූ දෙනා දැවී ලකුණු 271 ක් රැස්කිරීමට ඉසිපතන ක‍්‍රීඩකයෝ සමත් වූහ.
සචිත් ජයසූරිය ශතකයක් සහ සලින්ද උෂාන් අර්ධ ශතකයක් ලබාගනිමින් ඉසිපතන ඉනිම ශක්තිමත් කිරීමට සමත්වු අතර මොහොහඞ් රෆායිඞීන් ඉසිපතන කඩුලූ 5ක් දවාගත්තේය. අද සවස තරගය නතර කරන විට සහිරා විද්‍යාලය කඩුලූ 4 ක් දැවී ලකුණු 72 ක් රැස්කරගෙන සිටියේය.
ඉසිපතන විදුහල පළමු ඉනිම ඕවර 76.5 කදී සියලූ දෙනා දැවී 271
(සචිත් ජයසූරිය 118, සලින්ද උෂාන් 52, සහන් වීරකෝන් 25, ප‍්‍රමෝද් මදුවන්ත 22, චමීර දිසානායක 20, මොහොහඞ් රෆායිඞීන් 118/5, තුවාන් සෆ්රාන් 18/2)
සහීරා විදුහල පළමු ඉනිම ඕවර 18 කදී කඩුලූ 4 ක් දැවී 82
(අර්ශාඞ් ඉමාමුඞීන් 22, මොහොහඞ් සල්මාන් නොදැවී 18, කැළුම් බැස්ටියන් 23/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.